බෙන්තොට පෙරහැර බලන්න ගිය සිනමා නිළි ගීතා ස්ටේජ් එකෙන් පැනලා..!

බෙන්තර ඇල්පිටිය ආසනයේ ශ‍්‍රී ලංකා පක්‍ෂ සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය, බෙන්තර ප්‍රාදේශීය සභා සභාපති ගයාන් සිරිමාන්න මහතා සමග පෙරදින රාත්‍රියේ වේදිකාවකින් බිමට පැන පණ බේරාගෙන තිබේ.
ඔවුන් දෙදෙනා බෙන්තොට ගලපාත මහා විහාරයේ ඓතිහාසික දළදා පෙරහර බලන්නට ගිය අවස්ථාවේදී එවැනි අකරතැබ්බකට මුහුණදී ඇත.
එම පෙරහර ආරාධිත අමුත්තන්ට නැරැඹීමට ඉදිකර තිබූ වේදිකාව හදිසියේම කඩා වැටී ඇති අතර, එහිදී වේදිකාව ඇලවනවාත් සමඟ ගීතා කුමාරසිංහ මහත්මිය, ගයාන් සිරිමාන්න මහතා ඇතුළු පිරිසක් වේදිකාවෙන් බිමට පැන ගැනීම නිසා කිසිදු හානියක් සිදුවී නැත.

මෙම පෙරහැර නැරඹීම සදහා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් සිල්වා මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ට ආරාධානා කර තිබුණද අධික වර්ෂාව නිසා ඔවුන් පැමිණියේ නැත. ඒ අනුව පසුදිනද පෙරහැර සිරිත් පරිදි පැවැත්විණි.
 වේදිකාවේ සිටි 12 දෙනෙක් සමග වේදිකාව බිමට ඇලවෙනවාත් සමග ගීතා බිමට පැන්නා. සිද්ධියෙන් ඇයට අනතුරක් නැත. ඇය පෙරහැර බලන්නේ නැතිව පිටව ගියේ තැවරුණ මඩ නිසාය. පෙරහැරද අවලංගු වූ නමුත් පසුදින පෙරහැර සිරිත් පරිදි පැවැත්වූ බව වාර්තා වුණා.

Gossip Lanka Hot News Previous News Archive