රුපියල් ලක්ෂ 27 ක් වටිනා රන් කැබලි 4 ක් ගුද මාර්ගයේ සඟවා ගෙන චෙන්නායි යාමට පැමිණි ගුවන් මඟියෙකු ගුවන්තොටුපළ රේගුව ඊයේ (17) අළුයම අත්අඩංගුවට ගත්නා ලදී රන් කැබලි වල බර ග්‍රෑම් 408 ක් බව රේගුව පවසයි. සැකකරු නිතර නිතර මෙරටට පැමිණි ඉන්දිය මුස්ලිම් ජාතිකයෙකි.
රේගු අධිකාරි එච්.එල්.එන්. පී වනිගසේකර මහතා ගේ උප දෙස් පරිදි නියෝජ්‍ය රේගු අධිකාරි වරුන් වන හරෙන්ද්‍ර ලියනගම, අමල් අබේධීර, චරිතා හෙට්ටිගොඩ, මංජුල කුමාර හා අසංක ප්‍රියදර්ශන යන මහත්ම මහත්මීන් වැඩි දුර පරික්ෂණ සිදු කළහ. රේගු පරික්ෂණය කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා සැකකරුට රුපියල් විසපන් දහසක් දඩ නියම කර රන් කැබලි තොගය රාජසන්තක කළ බව රේගුව පවසි.