මම කටුගේ හොරකම කලේ හොඳට රාහු කාලය බලලා - කන්ගැට්ටා

කොළඹ ජාතික කෞතුකාගාරය කොල්ලකෑමේ සිද්ධිය පිළිබඳව රඳවා ගැනීමේ නියෝග මත ප‍්‍රශ්න කරමින් සිටින ‘කන්ගැට්ටා’ විසින් කෞතුකාගාර සිද්ධිය පිළිබඳ අපූරු තොරතුරක් පවසා ඇති බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසති.

ඒ කෞතුකාගාර සොරකම සිදු කිරීමට පෙර මා සන්තකයේ තිබූ ලිතකින් රාහු කාලය සහ සුබ කාලය බැලූ සිද්ධියකි. එනම් සොරකම සිදු කිරීම සඳහා තමා ලිතෙන් රාහු කාලය බලා රාහු කාලය පන්නා කෞතුකාගාරයට ඇතුළු වූ බවත් ඉන් පසුව නැවතත් රාහු කාලය පන්නා කෞතුකාගාරයෙන් පිටව ගිය බවත් සැකකරු පවසා ඇති බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි.


එසේම ඊට අමතරව සැකකරු සිදුකළ සොරකම් අසූවක සංඛ්‍යාවක් සිදුකර ඇත්තේද රාහු කාලය සහ සුබ හෝරාව බලා බව සැකකරු පාපොච්චාරණය කර තිබේ. එනිසා තමන් සිදුකල කිසිදු සොරකමක් නොවැරදුණු බවත් එසේම තමා වාසනාවන්තයකු බවත් සැකකරු පවසා තිබේ.

දැනට අනාවරණය වී ඇති ආකාරයට මෙම සැකකරු එක් වතාවක විදේශිකයකුගේ ගමන් මල්ලක් දුම්රියක දී පැහැරගෙන එහි තිබී ලක්ෂ 80ක් සොරාගත් බවද සඳහන් වේ. එසේම රත්තරන් මාල, රත්තරන් වෙළඳසල් පවා සැකකරු කොල්ලකා ඇති බව අනාවරණය වී ඇත.

මෙම සැකකරුගේ ප‍්‍රධාන ලක්ෂණය වී ඇත්තේ සැකකරු පමණක් සෑම සොරකමක්ම තනිවම සිදුකර තිබීම බව සඳහන් වේ. ඔහු එයට හේතුව ලෙස පවසා ඇත්තේ සොරකමට කිහිප දෙනකු සහභාගි වුවහොත් එවිට වැඬේ වරදින බවය.

Gossip Lanka Hot News Previous News Archive