Dec232012

ශරීයා ව්‍යවස්ථාවට එරෙහිව ඊජිප්තුවේ නිරුවත් විරෝධතා.

ඊජිප්තුවේ ශාරියා නීතිය පිලිබඳ ජනමත විචාරණයේ 2 වන වටය සෙනසුරාදා ආරම්භ වීමට විරෝධය පල කිරීම සඳහා 22 හැවිරිදි ඒලියා මැග්දා එල්මාදි විසින් නිරුවත් විරෝධතාවක් පවත්වා ඇත.

ස්ටොක්හෝම් හි තානාපති කාර්යාලය ඉදිරිපිට ඊජිප්තු කොඩියද සහිතව ඍණ උෂ්නත්වද නොසලකා ඇය මෙසේ විරෝධය පල කර ඇත. ‘ශාරියා යනු ව්‍යවස්ථාවක් නොවේ’ යනුවෙන් ඇයගේ සිරුරේ ලියා තිබුණි.

නිරුවත් කි‍්‍රයාකාරකම් ගැන ප‍්‍රසිද්ධ ස්ත‍්‍රීවාදී සංවිධානයක් වන ෆීමන් හි සාමාජිකයන් දෙදෙනෙක්ද ඇය හා එක්වී සිටි බව ගල්ෆ් නිවුස් පවසයි. ඒ දෙදෙනා තම රහස් ප‍්‍රදේශ ආවරණය වන පරිදි ආගම් විරෝධී පුවරු දෙකක් අල්ලාගෙන සිටියහ. ඔවුන්ගේ උද්ඝෝෂණයේ අරමුණ වූයේ ඊජිප්තු ජනපති මොහොමඞ් මෝර්සි සහ ඉස්ලාම් ආගම පිලිබඳවයි.


කයිරෝවේ ඇමරිකානු සරසවියේ ශිෂ්‍යාවක වන එල්මාදි 2011 දී අදහස් පල කිරීමේ නිදහස ගැන දැක්වීමට සිය නිරුවත් ඡුායාරූප බ්ලොග් අඩවියක පල කර තිබුණි. මේ අතර සිකුරාදා ඇලෙක්සැන්ඩි‍්‍රයාවේදී දැඩිමතධාරී සලාෆිවරු හා මුස්ලිම් සහෝදරත්වයේ සාමාජිකයන් සමඟ තරුණ උද්ඝෝෂකයන් පිරිසක් ගල්මුල් වලින් පහර දී ගත්හ.

පොලීසියේ මැදිහත් වීමෙන් කලහකරුවන් විසුරුවා හරින ලදී. පසුගිය සිකුරාදා මෙම ජනමත විචාරණය පලාත් 10ක පැවැත්වූ අතර ඉතිරි 17 හි සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබුණි. ඡුන්ද අක‍්‍රමිකතා සිදු වු බවට චෝදනා එල්ල වු මෙහි නිල නොලත් ප‍්‍රතිඵලය අනුව පනතට පක්ෂව ඡුන්ද 56% ක්ද විපක්ෂව 32%ක්ද ලැබී ඇත. මේ කෙටුම්පත රට දෙකට බෙදා ඇත. එක් පසකින් මෝර්සිගේ අනුග‍්‍රහය ලත් මුස්ලිම් සහෝදරත්වය,

දැඩිමතධාරී සලාෆිවරු හා ජිහාඞ් කණ්ඩායමද අනෙක් අතින් ජාතික ගලවාගැනීමේ පෙරමුණ විසින් නායකත්වය දෙන ක‍්‍රිස්තියානි සහ මධ්‍යස්ථ මුස්ලිම්වරුද වෙති. මේ ව්‍යවස්ථාව නිසා අධිකරණයද ඇතුළු රාජ්‍ය ආයතන වල ගැටුම් ඇතිවී තිබේ.

මූලාශ‍්‍ර – 01

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Gossip Lanka Hot News Previous News Archive