උතුරු පළාතට දින හතරක් පුරා ඇදහැලෙන මහ වැසි සමඟ ඇතිවූ ජල ගැලීම් හේතු කොටගෙන වවුනියාව, කල්මඩු, නොච්චිකුලම මාර්ගයට ගසා ගෙන ආ කිලෝග්රෑම් 15ක් පමණ බරැති පීඩන බෝම්බයක් සමඟ අත්බෝම්බ දෙකක් ඊයේ (24දා) වවුනියාව යුද හමුදා බෝම්බ නිෂ්ක්රිය අංශය විසින් නිෂ්ක්රිය කරන ලදී.
වවුනියාව පොලිසිය පැවැසුවේ ප්රදේශයට ඇදහැලුණු වර්ෂාවත් සමඟ එල්. ටී. ටී. ඊ. සංවිධානය පසුගිය යුද සමයේ සඟවා තිබූ බිම් බෝම්බ පොළොවෙන් මතු වී මෙලෙස ගසාගෙනවිත් ඇති බවයි.
ප්රදේශවාසීන්ගෙන් වවුනියාව කොට්ඨාස බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරකට අනුව බෝම්බ තිබූ ස්ථානය සොයා ගත් බැව් වවුනියාව පොලිසිය පැවැසීය.
වවුනියාව මූලස්ථාන පොලිස් පරීක්ෂක චන්න අබේරත්න මහතා පැවැසුවේ ජල ගැල්මට අසුව පාවී එන දේවල් පිළිබඳ විශේෂ අවධානයෙන් පසුවන ලෙසට ජනතාව දැනුම්වත් කොට ඇති බවයි.
ජනතාවගේ විමසිලිමත්භාවය හේතුවෙන් සිදුවීමට තිබූ මහා විනාශයක් නතර කර ගැනීමට හැකි වූ බැව්ද මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවැසීය