දිඹුලාගල ගල් පර්වතයට වැටුණු උල්කාපාත

පොළොන්නරුවේ ඓතිහාසික දිඹුලාගල පර්වතය මතට උල්කාපාත රැසක් එකවර කඩාවැටී ඇත. පෙරේදා රාත්‍රී කාලයේ වරින්වර ආලෝකධාරා විහිදුවමින් උල්කා පර්වතය මතට පතිතවූ බව, දිඹුලාගල අඩි 1400ක් ඉහළින් පිහිටි අහස් මාලිගයේ වැඩවසන හිමිවරු පැවසූහ.

මෙම සිද්ධියෙන් පසුව ඊයේ (13) උදෑසන ගල් පර්වතය පරීක්‍ෂා කළ දිඹුලාගල සේනාසනයේ හිමිවරුනට උල්කාපාත කැබලි ගණනාවක් සොයාගැනීමට හැකිවී තිබේ.


මේ පිළිබඳව අදහස් දැක්වූ දිඹුලාගල ධර්‍මායතනයේ ලේකම් මාදුරුඔයේ විජිත හිමියන් මෙසේද කීය. දිඹුලාගල සේනාසනයේ වැඩවසන හිමිවරු පෙරේදා රාත්‍රී පර්වතය දෙසට ආලෝකධාරා විහිදුවමින් වැටෙන සිය ගණනක් උල්කාපාත නිරීක්‍ෂණය කළා.

පසුදින සිදුකරන ලද පරීක්‍ෂණයේදී වැටී තිබුණ උල්කාපාත කොටස් කිහිපයක් සොයාගැනීමට හැකිවුණා. ඒවා වැඩිදුර පරීක්‍ෂණයන් සඳහා පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරත් කුමාර ජෝසප් මහතා වෙත භාරදෙනු ලැබූවා.

රෑ වැටුණ දේවල් දවල් සොයමින්...!


Gossip Lanka Hot News Previous News Archive