'නව තරුණ කොටි' අලුත් කොටි සංවිධානයක්‌

රටේ ආරක්‍ෂක මර්මස්‌ථානවලට ප්‍රහාරයක්‌ එල්ල කිරීම සඳහා 'නව තරුණ කොටි' කණ්‌ඩායම නමැති සංවිධානයේ විනාශකාරී සැලසුමක්‌ හමුදා බුද්ධි අංශය මගින් අනාවරණය කරගෙන ඇතැයි 'දිවයින' පුවත්පත වාර්තා කරයි.එම පුවත්පතේ ආරක්ෂක වාර්තාකරු සපයා ඇති එම වාර්තාවේ මෙසේද සදහන්වේ.මේ සැලසුමේ ක්‍රියාකාරීහු දෙදෙනකු පසුගියදා යාපනේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ප්‍රහාරය පිළිබඳ තොරතුරු හෙළිකරගෙන තිබේ.ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු මත නව තරුණ කොටි කණ්‌ඩායම නමැති සංවිධානයේ නායකයා බව කියන සුරේස්‌ කුමාර් නමැත්තා තමිල්නාඩු රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.


හමුදා බුද්ධි අංශය මගින් අත්අඩංගුවට ගෙන සිටින දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී රහස්‌ සැලසුම් රැසක්‌ පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

තමිල්නාඩු රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින එක්‌ පාදයක්‌ අහිමි සුරේස්‌ කුමාර් කොටි සංවිධානයේ හිටපු බෝම්බ නිෂ්පාදකයා යෑයි හඳුනාගෙන ඇත.

සුරේස්‌කුමාර් ගැන අපි තමිල්නාඩු රහස්‌ පොලිසියට අනතුරු ඇඟවීම් කළා යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ පැවසීය.

මොහු නතර වී සිටි තමිල්නාඩුවේ නිවසේ තිබී බෝම්බ උපාංග, විද්යුත් පරිපථ ඇතුළු උපකරණ රැසක්‌ද සොයාගෙන ඇත.

තමිල්නාඩුවේදී බෝම්බ පුහුණුව දී ඔවුන්ව යාපනයට එවා විනාශකාරී ක්‍රියා සිදුකිරිම සඳහා ක්‍රියාකරන්නැයි සුරේස්‌ කුමාර් විසින් සිය කොටි කණ්‌ඩායමට උපදෙස්‌ දී තිබේ.

තමිල්නාඩු රහස්‌ පොලිසිය විසින් එම විනාශකාරී මෙහෙයුමට සම්බන්ධ තවත් කොටි තිදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නව තරුණ කොටි කණ්‌ඩායම විසින් විවිධ රටවල සිටින කොටි ක්‍රියාකාරීන්ව තමිල්නාඩුවට ගෙන්වා ඔවුන්ට පුපුරන ද්‍රව්‍ය පිළිබඳ පුහුණුවක්‌ ලබාදීමටද සුරේස්‌ කුමාර් විසින් සැලසුම් කර තිබූ බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

Gossip Lanka Hot News Previous News Archive