මේ රටේ බිහිවුණ නරකම හා දූෂිතම ආණ්ඩුව වත්මන් ආණ්ඩුව බවත් මැරුවත් බිය නොවී එය කීමට සුදානම් බවත් එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය තිනියාවල පාලිත හිමියෝ පවසති.
කොළඹදී අද (16) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පවසන ලදී.
කාටවත් පක්ෂව හෝ කාටවත් විපක්ෂව මෙලෙස අදහස් නොදක්වන බවත් ජනතාවගේ බදු මුදල් නාස්ති නොකර ඔවුන් පීඩාවට පත්කිරීමෙන් වළකින්නැයි රජයෙන් ඉල්ලා සිටින බවත් උන්වහන්සේ පැවසූහ.
රජයේ වේවා විපක්ෂයේ වේවා සියලු මැති ඇමතිවරුන්ට පෙට්‍රල් නොමිලේ ලැබෙන බවත් මේ සියල්ල නතර කළ යුතු බවත් පාලිත හිමියෝ පවසති.
රටේ ප්‍රධාන පෙළේ ආයතන කිහිපයක් විශාල ලෙස පාඩු ලබමින් සිටින බවත් පාලක පක්ෂය මේ ගැන වඩාත් අවධානය යොමුකළ යුතු බවත් උන්වහස්සේ එහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී.