ඉන්දීයාවට වැටෙන්න ගහයි ජය ශ්‍රී ලංකාවට -බොක්සිං-Boxer Anusha Kodituwakku Wins Against Pooja Tokas India

කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී ඊයේ පස්වරුවේ පැවති ඉන්දු-ශ‍්‍රී ලංකා ද්වන්ධ බොක්සිං සටනේදී ජයග‍්‍රහණ 4-3ක් ලෙස ඉන්දියාව පසුබැස්වූ ශ‍්‍රී ලංකාව මාස් හෝල්ඩිංග්ස් ශූරතාවය දිනා ගත්තේය.
ශ‍්‍රී ලංකාවෙන් බිහි වූ දක්‍ෂතම බොක්සිං ක‍්‍රීඩිකාව ලෙස සැලකෙන අනෂු කොඩිතුවක්කු සුපිරි ජයක් ලබා තරඟාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙසින් සම්මාන ලබා බොක්සිං වළල්ලෙන් සමු ගැනීම සිනුටහක් කල අතර අදාල තරඟවලදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් අනුරුද්ධ ගුණතිලක, එරන්දිද සිල්වා, ගයාන් විජේවීර යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ ජයග‍්‍රහණ වාර්තා කලහ.

කි.ග‍්‍රෑ. 48 බර පන්තියෙන් තරඟ වැදුනු අනූෂා ප‍්‍රතිවාදී ඉන්දීය ක‍්‍රීඩිකාවට එල්ල කල දැවැන්ත ප‍්‍රහාරය හමුවේ සුළු මොහාතකින් ඇය බිම ඇද වැටුනේ අනූෂාට ජය අත් කර දෙමිනි.
ජයග‍්‍රහණයත් සමඟ අනූසා සිය බොක්සිං ක‍්‍රීඩි දිවිය සමාප්තියට පත් කල මොහොත ඉතා හැඟුම්බර විය. සිංහ කොඩිය රැගෙන කඳුළු සලමින් ඇය පිටිය වටා යමින් ප්‍රෙක්‍ෂකයන්ට ආචාර කරද්දී සුගතදාස ක‍්‍රීඩාංගණය පිරෙන්නට පැමිණ සිටි පේ‍්‍රක්‍ෂකයෝ අසුන්වලින් නැගිට ඇයට සිය ආචාරය පුද කලහ.


Results:
Men’s:
Light Flyweight Under 49kg: Amith Singh (India) beat Eranga Madushan (Sri Lanka). 
Flyweight Under 52kg: A. Sllambarsan (India) beat Suresh Pattiarachchi (Sri Lanka). 
Bantamweight Under 56kg: Gayan Jayaweera (Sri Lanka) beat Abahy Singh (India). 
Light Welterweight Under 60kg: Anuruddha Gunatilleke (Sri Lanka) beat Sunil (India).
Women’s:
Light Flyweight Under 48kg: Anusha Kodituwakku (Sri Lanka) beat Pooja Tokas (India). 
Flyweight Under 51kg: Erandhi de Silva (Sri Lanka) beat Shvinder Kaur Sidhu (India). 
Bantamweight Under 54kg: Priya (India) beat Vidushika Prabadhi (Sri Lanka).




Gossip Lanka Hot News Previous News Archive