Broadband internet බද්ද 50% කින් පහළට

බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් සේවා සඳහා දැනට අයකරනු ලබන බද්ද ලබන මස පළමු වැනිදා සිට 50% කින් අඩු කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් සේවා සඳහා දැනට අය කරන 20% බද්ද ලබන මස පළමු වැනිදා සිට 10% දක්වා අඩු කෙරෙනු ඇති.


මෙම තීරණය ගෙන ඇත්තේ, මෙරට ඉන්ටර්නෙට් භාවිතය ඉහළ නැංවීම එහි අරමුනිණි.

දැනට බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් භාවිත කරන්නන් සංඛ්‍යාව මිලියන 1.2 ඉක්මවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා සඳහන් කළේය.


Gossip Lanka Hot News Previous News Archive