අරුණි මධුෂා රාජපක්‍ෂ නමැති මේ සුරූපිනිය ගැන මුලින්ම කලා ක්ෂේත‍්‍රයේ අය කතා බහ කිරීමට පටන් ගත්තේ 2004-2005 සමයේදීයි. 2004 දී උඩරට මැණිකේ ලෙස කිරුළ දිනා ඉන් අනතුරුව නිරූපණ ක්ෂේත‍්‍රයට ආ අරුණි 2005 දී කැප්රි ක්වීන් ලෙස තේරුණා. ඊට පසු මෝස්තර නිරූපණය වෘත්තිය මට්ටමින් කරගෙන ආ ඇය 2007 දී ශ්‍රී ලංකා රැජින වී ඊට සමගාමීව සංචාරක රූ රැජින තරගයට ගොස් එහි අංශ දෙකකින් ජයග‍්‍රහණය කළා. ඊටත් පසුව 2008 දී අන්තර්ජාතික රූ රැජින තරගයට ගිය අරුණි එහිදී ලෝකයේ අවසන් 18 දෙනා අතරට තේරුණා. මේ විදියට රූ රැජින ලෙස ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දෙමින් කටයුතු කරන ඇය අද රූපවාහිනී නිවේදිකාවක මෙන්ම චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය නිළියක ලෙස ද කටයුතු කරනවා. මේ සියල්ල අතරේ නැවතත්, ඇය ගැන ලෝකය මේ දිනවල කතා කරන්නේ ලෝකයේ හොඳම මනාලිය ලෙස තෝරා ගන්නා මනාලියන් තේරීමේ අපූරු තරගයේදී හොඳම දෙවැනි ස්ථානය දිනාගත් තැනැත්තිය වන නිසයි. ‘‘බ‍්‍රයිඞ් ඔෆ් ද වර්ල්ඞ්’’ නමින් මෙම තරගාවලිය පසුගියදා පැවැත් වුණේ ‘මකාවෝ’ කියන දුපතේ දීයි. අපි ඒ ගැන විස්තර අරුණිගෙන්ම අසා දැන ගනිමු.
ලෝකයේ ලස්සනම මනාලියක් වූ
අරුණි රාජපක්ෂ
”බ‍්‍රයිඞ් ඔෆ් ද වර්ල්ඞ්’’ කියන මේ තරගාවලිය පැවැත් වුණේ මකාවෝ කියන දුපතේයි. රටවල් 38 ක තරගකාරියන් මේ සඳහා සුදුසුකම් ලැබ සිටියා. ඒ සියලූ දෙනාම ඒ රටවල පැවැති රූ රැජිණ තරගවලදී ජයග‍්‍රහණ ලබපු අයයි. මෙහිදී පළමු ස්ථානය හෙවත් ලෝක මනාලිය ලෙස කිරුළ හිමි කරගත්තේ ඩෙන්මාර්ක් සුරූපිනියයි. ඊළඟට පළමු සහ දෙවන ස්ථාන අතරින් පළමු තැන ලැබුණේ හොංකොං ජාතික සුරූපිනියටයි. දෙවැනියා වුණේ මම. (2nd Runner up) මකාවෝ දුපතේදී අවසන් 38 දෙනාට පෙර පසුගිය පෙබරවාරි මාසයේදී බ‍්‍රයිඞ් ඔෆ් ද වර්ල්ඞ් ෆිෂර්ටා හෙවත් චිංගි පැරඞ් එක පැවැත් වුණේ සිංගප්පූරුවේදීයි. ඒ අවස්ථාවටත් මේ සුරූපිනියන් සියලූ දෙනාම සහභාගි වුණා. මට මේ අවස්ථාව ලැබුණේ මෙරට දී රූරැජින තරග ජයග‍්‍රහණය කර තිබීම නිසයි. ඕනෑම රටක මෙම රූ රැජින තරග සඳහා ජාතික සංවිධායකවරයෙක් පත්කර තිබෙනවා. ඒ කාලයේ ඉඳලාම රූ රැජිණ තරග අයිතිය ශ්‍රී ලංකාවේ හිමිව තිබෙන්නේ රාෂිටා වික‍්‍රමසිංහ මහත්මියටයි.එතුමිය තමයි මේ තරගයට මාවත් යොමු කළේ. මෙහිදී මනාලිය ලෙස මා හැඩ ගැන්වූ නිල ඇඳුම නිර්මාණය කළේ මයිකල් විජේසූරිය මහතායි.
මේ ලෝක මනාලිය තේරීමේ තරගයේ වැදගත්කම සහ ඇති වෙනස්කම් ගැන සඳහන් කළොත්?
1980 ගණන්වලදී තමයි මෙම මනාලිය තේරීමේ තරගය ආරම්භ වෙලා තියෙන්නෙ. ගිය වසරේදීත් මෙය පවත්වලා තියෙනවා. ඒත් ලංකාවෙන් කෙනෙක් ඉදිරිපත් වෙලා නැහැ. 2010 දී නොෂින් කියන තරුණිය ශ්‍රී ලංකාව නියෝජනය කරලා තියෙනවා. මෙය නිකම්ම මනාලිය ලෙස හැඩ ගන්වා තෝරණ තරගයක් නෙවෙයි. තමාගේ රටේ දී කාන්තාවක ලෙස මාතෘත්වයට සහ කාන්තාවකට ලැබෙන තැන ගැන වගේම එය අරුත් ගැන්විය හැකි දේ ගැන මාතෘකා කොට කතා කරන්න තිබුණා. ඇයගේ දැනුම සියල්ල මැන බලන අතර ප‍්‍රශ්න මාලාවකට උත්තර සපයන්නත් වෙනවා. මේ තරගය එක්තරා විදියකට රටක කාන්තාවකගේ පැතිකඩ ඉදිරිපත් කිරීමක් ලෙස දක්වන්න පුළුවනිලංකාවට මේ නිසා මොන වගේ දෙයක්ද ලැබෙන්නෙ?
ලංකාව ක‍්‍රිකට්වලින් මොනතරම් නම් ප‍්‍රසිද්ධියක් ලබනවාද? මලල ක‍්‍රිඩාවලින් මොන තරම් ප‍්‍රසිද්ධියක් ලබනවාද? ඒ හා සමානව මෙවැනි තරගවලදී ශ්‍රී ලංකාව ගැන ලෝකය දැන ගන්නවා. ඒ හැරත් රූ රැජිනක කියන්නෙ රටක සබඳතා ලෝකයට ප‍්‍රකාශ කරන තානාපති කෙනෙක් හා සමානයි. මෙම රූරැජින තරග අපේ රටේ එතරම් ප‍්‍රචලිත නොවූවාට වෙනත් රටවල අතිශයින්ම ජනපි‍්‍රය ඉසව් ලෙස සඳහන් කරන්න පුළුවනි. ඒ හැරත් මේ ලෝක මනාලිය හෙවත් Bride කියන වචනයෙන් ඔවුන් අර්ථ දක්වන දේ බොහෝමයි.