ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම සදහා අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යවශ්‍යයි.- Chief Justice Dr. Shirani Bandaranayake


අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යන්තයෙන්ම රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමෙහිලා අත්‍යවශ්‍යයම සාධකයක් බවත්, එහෙව් රටක අධිකරණය යුක්තියේ දේවස්ථානය ලෙස සැලකෙන බවත් අගවිනිසුරු, ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පවසයි.

අධිකරණයේ ස්වාධීනත්වය අවශ්‍යයයි පමණක් නොව නීතියේ මූලික මූලධර්මය වන රටේ සෑම තරාතිරකම පුරවැසියන්ගේ සමානත්වයෙහිලා සැලකීමට අත්‍යවශ්‍යය බව ඇය පවසයි.

නීතියේ පාලනය නිසි ලෙස ක්‍රියාත්මක වීම තහවුරු කර ගැනීම සඳහා සෑම පුරවැසියයෙකුටම අධිකරණයක් හමුවේ තමන්ට සාධාරණ නඩු විභාගයක් පැවැත්වීමේ කරණයද අත්‍යවශ්‍ය බව ඇය පෙන්වාදෙයි.
මෙම සංකල්ප එක් රැයකින් බිහිවූ නව සංකල්ප හෝ කිසිදු පදනමක් නැතිව ගෙනා සිද්ධාන්ත නොවන බවද ඇය කියා සිටියේ අද (22) කොළඹ තාජ් සමුද්‍ර හෝටලයේ පැවති විනිසුරුවරුන්ගේ සමුළුවේදීය.

කිසිදු අයුරකින් කිසි විටකත් අධිකරණ විනිසුරුවරුන් දේශපාලනයට මැදිහත් විය යුතු නැති බව ද අගවිනිසුරුවරිය එහිදී අවධාරණය කළාය.

Gossip Lanka Hot News Previous News Archive