හලාවත නගරය සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙයි . Chilaw now under water

දැදුරුඔය පිටාර ගැලීම සහ මුන්නේෂ්වරම වැවේ වැව් බැම්ම කපා ජලය මුදා හැරීමත් සමගම හලාවත නගරය ජලයෙන් යටවන්නට පටන් ගෙන ඇත. අද (19 ) දහවල් වන විට මෙම තත්ත්වය ඇති විය.මුන්නේෂ්වරම වැවේ ජලය වැඩිවීමත් සමගම වැව් බැම්ම බිඳී යාමේ තත්ත්වයක් ඇති විය.ඒ අනුව වහාම ක්‍රියාත්මක වු යුධ හමුදා සෙබළුන් සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වැව් බැම්ම කපා ජලය මුදා හැරීමට කටයුතු කළහ.ඒ සමගම හලාවත නගරයේ පිහිටි බස් නැවතුම්පළ ජලයෙන් වැසී ගියේය.හලාවත නගරයේ අතුරු මාවත් රැසක් ජලයෙන් යටවී ගිය අතර නගරය හරහා ජලය ගලා ගියේය.

ඉතිහාසයේ ප්‍රථම වතාවට හලාවත නගරය හරහා මෙසේ ජලය ගලා ගිය බව නගර වැසියෝ කියා සිටියහ.


මේ අතර මුන්නේෂ්වරම වැවේ ජලය මුදා හැරීමත් සමගම හලාවත නගරයට ආසන්නයෙන් පිහිටි මයික්කුලම,මැල්පුරය, සහ මැරවල යන ගම්මානද ජලයෙන් යටවී ඇති බව අද දෙරණ වාර්තාකරු කියා සිටියි.

හලාවත - මයික්කුලම දුම්රිය හරස් මාර්ගය ආසන්නයෙන්ද හලාවත කොළඹ මාර්ගය හරහා ජලය ගලා යමින් තිබේ.
දැදුරු ඔය පිටාර ගැලීම නිසා හලාවත හා අවට ප්‍රදේශ වල සිදුව තිඛෙන ජලගැලීම් හානි සිතාගන්නටත් බැරි තරම්ය. නිවාස යටවී ඇත්තේ වහලවල් පමණක් ඉතිරිවන ලෙසය.සිරස නිවුස් ෆර්ස්ට් හෙලිකොප්ටරයකින් නිරීක්ෂණය කරමින් හලාවත අවට ඊයේ සවස අහසේ සිට ලබාගත් වීඩියෝව බලන්න





Gossip Lanka Hot News Previous News Archive