ටොනේඩෝ මගින් බලශක්තිය නිපදවීමට යයි - Creating Tornados To Harvest Clean Green Energy

ටොනේඩෝ මගින් බලශක්තිය නිපදවීමේ තාක්ෂණයක් කැනේඩියානු සමාගමක් විසින් දියුණු කරමින් පවතී. Pay-pal සම නිර්මාතෘ පීටර් තීල් විසින් ඇතිකල ලාභ නොලබල ආයතනයක් වන තීල් පදනමේ ආධාර ඇතිව AVEtec බලශක්ති සහයෝගීතාවය මෙම සංකල්පය සංවර්ධනය කරමින් සිටී.
ස්වභාවික ටොනේඩෝවක මෙන් මෙම යන්ත‍්‍රය මගින් කැරකෙන වායු ධාරාවක් ඇදගත හැකිය. මීටර් 4 ක විශ්කම්භයක් ඇති ආකෘතියක් දැනට සාදා ඇති අතර දෙවන අදියර ලෙස සෙන්ටිමීටර් 30 ක විශ්කම්භයකින් සහ මීටර් 40 ක උසින් යුත් සුලිසුලඟක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙයි.

AVEtec සභාපති ලූවිස් මිෂෝඞ් කියන්නේ 2015 වන විට මීටර් 40ක විශ්කම්භයකින් යුත් ආකෘතියක් තැනූ පසු මෙ වාණිජ වශයෙන් සාර්ථක වන බවයි. මෙම වායුගෝලීය සුලිසුලං එන්ජිම (AVE) භාවිතා කරන්නේ සූර්ය තාපයෙන් රත්වී ඉහල යන වාතය නිසා ආනතව නලයකට ඇතුල් වන වායු ධාරා මගින් කැරකෙන වායු කඳක් ඇති කිරීමේ තාක්ෂණයකි.
මීටර් 100 ක පහල විශ්කම්භයක් සහ කිලෝමීටර් 20 ක් උස සුලිසුලඟක් ඇති කිරීමට මීටර් 80ක උසින් හා මීටර් 200ක විශ්කම්භයෙන් යුත් කුළුණක් මගින් හැකිවේ. ක‍්‍රියාවලිය ඇරමිමට අවශ්‍ය වන්නේ ඇතුල්වන වාතය මූලික රත් කිරීමක් පමණි. මෙහි ඇති ගැටළුව නම් මිනිසා නිරිමාණය කරන සුලි සුලඟ තිරස් සුලඟකට ඔරොත්තු දෙයිද යන්නයි. එය විශාල පරිමාණයේ පරීක්ෂණයකින් තහවුරු කර ගත යුතුය.
මෙය ඉතා ආරක්ෂාකාරී කිලෝවොට් පැයකට ශත තුනක් පමණ වියදමක් යන අමතර යමක් නිකුත් නොකරන බලශක්ති ප‍්‍රභවයක් බව ආයතනය කියයි. මෙහි අතුරු ප‍්‍රතිඵල ලෙස අවට ප‍්‍රදේශවල වැසි හා ශීතල බවක් ඇති විය හැක. නිර්මාණය කල තැනින් අයාලේ යාමට ටොනේඩෝවට නොහැකි බව AVEtec සහතික වෙයි.










Gossip Lanka Hot News Previous News Archive