ද ඩාර්ක් නයිට් රයිසස් - The Dark Knight Rises (2012)


Action , Thriller , Crime , Adventure
Release: 16 August 2012
“ද ඩාර්ක් නයිට් රයිසස්” චිත්‍රපටය මනඃකල්පිත සුපිරි වීර චරිතයක් වන “බැට්මෑන්” චරිතය පාදක කරගනිමින් නිර්මාණය වූවකි. මෙම චිත්‍රපටය නෝලන්ගේ “බැට්මෑන්” චිත්‍රපට මාලාවේ තෙවන චිත්‍රපටය වේ. එ‍මෙන්ම එය “බැට්මෑන්” චිත්‍රපට මාලාවේ අවසන් නිර්මාණය වන බව ද සඳහන්ය. චිත්‍රපට මා‍ලාවේ පළමු චිත්‍රපටය වන “බැට්මෑන් බිගින්ස්” 2005 වසරේ දී ද, දෙවන චිත්‍රපටය වන “ද ඩාර්ක් නයිට්” 2008 වසරේ දී ද තිරගත විය. ක්‍රිස්ටියන් බේල්, ඇනා හැතවේ, මයිකල් කේන්, ගැරී ඕල්ඩ්මන්, ටොම් හාඩි, මාරියන් කොටිල්ලාඩ්, ජෝශප් ගෝර්ඩන් සහ මෝර්ගන් ෆ්‍රීමන්”ද ඩාර්ක් නයිට් රයිසස්” චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය සපයයි. චිත්‍රපටයේ සම්පූර්ණ නිෂ්පාදන කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 250 ක පිරිවැයක් දරා ඇත. අමෙරිකාව මෙන්ම ඉන්දියාව හා රුමේනියාව වැනි රටවල ද චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු සිදුකර තිබේ.

සම්පුර්ණ චිත්‍රපටය නරබන්න

Gossip Lanka Hot News Previous News Archive