Dredd – ඩ්‍රෙඩ් (2012)


අනාගත ඇමරිකාව පිළිබඳවයි මේ චිත්‍රපටයෙන් කියැවෙන්නේ. අනාගතයේ ඇමරිකාව අපරාධ දූෂණ මැර ක්‍රියා වලින් පිරුණු තැනක් වෙනවා. මේ අපරාධ මැඩපවත්වන්න භාරවෙන්නේ ජජ් (විනිසුරුවරුන්) හටයි. මේ විනිසුරුවරුන් බොහෝම බලතල සහිත අය. ඒ වගේ එක් විනිසුරුවරයෙක් තමයි ඩ්‍රෙඩ් කියන්නේ. ඩ්‍රෙඩ් හට භාරවන්නේ මෙගා සිටි වන් (Mega City 1) නම් මේ මිනිසුන් සහිත නගරයේ විශාල මහල් නිවාසයක් පාලනය කරන්නටයි.
ඒත් මේ වන විට මෙගා සිටි වන් නගරය පුරාම දරුණු ස්ලෝ-මෝ නම් මත්ද්‍රව්‍යයක් පැතිර යනවා. මේ මත්ද්‍රව්‍යය නිසා මිනිසුන්ගේ පියවි සිහිය නැති වෙනවා. මේ අභියෝග ජයගෙන නගරයේ ආරක්ෂාව පැවැත්ම රැකගැනීමට ඩ්‍රෙඩ්ට සහ සහයිකාවට හැකියාව ලැබෙයි ද?

Gossip Lanka Hot News Previous News Archive