වැඩියෙන් ලකුණු ගත්තොත් ෆේල්, Driving Licence Points System in Sri Lanka

ලබන වසරේ ජනවාරි මස 01 වැනිදා සිට වැරැදි කරන රියැදුරන්ට ලකුණු ලබා දීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් එස්. එම්. හරිස්චන්ද්‍ර මහතා කීය. මේ යටතේ ආරම්භයක් ලෙස මත්පැන් පානය කර රිය පදවන්නන්ට හා මාරාන්තික අනතුරු සිදුකරනු ලබන රියදුරන්ට එරෙහිව ලකුණු ලබාදීම සිදු කෙරෙන බවත් එක් වරදකට අවම වශයෙන් ලකුණු 12 ක් ලබා දිය හැකි බව ද වැරැදි දෙකම එක විට සිදු කළහොත් එම රියැදුරාගේ බලපත්‍රය අත්හිටුවනු ලබන බවත් කී කොමසාරිස්වරයා වැරැදි අනුව ලබා දෙන ලකුණු එකතු කර ලකුණු 24 ක් සම්පූර්ණ වූ පසුව බලපත්‍රය වසරක කාලයකට අත්හිටුවනු ලබන බව කීය.


වසරකට පසුව යළි බලපත්‍රය ලබා දෙන අතර වැරැදි සඳහා ලකුණු ලබාදීම යළි සිදු කෙරේ. ඉහත වැරැදි දෙකම එකවර සිදු කර අධිකරණයෙන් බලපත්‍රය අහෝසි කළහොත් යළි රියැදුරු බලපත්‍රයක් ලබාගැනීමට නොහැකි වන බව ද කොමසාරිස්වරයා වැඩිදුරටත් කීය.

Gossip Lanka Hot News Previous News Archive