දිවයිනේ සියලූම විහාරස්ථාන සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර වට්ටෝරුවක්. Healthy Menu for Monks

බෞද්ධ භික්ෂූන් වහන්සේ සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර වට්ටෝරුවක් හඳුන්වා දීම සෞඛ්‍ය සතියට සමගාමීව අද මහරගම වජිරඥාන ධර්මායතනයේ පැවති උත්සවයකදී සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කලේය.

තෙල්, සීනි හා ලූණු අධික ආහාර වැලඳීම නිසා බෞද්ධ භික්ෂූන් වහන්සේට දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග බහුලව වැලෙඳන බවට අනාවරණය වී තිබින.



එමෙන්ම, දිවයිනේ වැඩ වෙසෙන බෞද්ධ භික්ෂූන් වහන්සේ 40,000කගෙන් අඩක්ම දියවැඩියා රෝගයෙන් පෙලෙන බවට හෙලිව ඇත.

වූ සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන පසුගියදා දුන් උපදෙසක් අනුව වෛද්‍ය පර්යේෂණ ආයතනය එම වට්ටෝරුව සකස් කොට ඇත.

ශක්ති ජනක, ශරීර වර්ධක හා ආරක්ෂක ලෙස ආහාර වර්ග කොට දක්වා ඇති එම වට්ටෝරුව
දිවයිනේ සියලූම විහාරස්ථාන වෙත ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටී.

ඉදිරියේ දී භික්ෂූන් වහන්සේට දානය සකස් කිරීමේදී එම ආහාර වට්ටෝරුව අනුගමනය කරන්නැයි දායකයින්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

Gossip Lanka Hot News Previous News Archive