- මර්වින් සිල්වා ඇමතිවරයා, ඊයේ (05) පාර්ලිමේන්තුවේදී රෝසි සේනානායක සහ තලතා අතුකෝරළ යන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියන්ට උසුලූ විසුලූ කරමින්, ඔවුන් දෙදෙනාට ''අයි ලව් යූ '' යැයි ද පැවසිය.
'' පක්ෂයේ ප්‍රශ්න, ගෙවල්වල ප්‍රශ්න, බබාලා නැති ප්‍රශ්න මේ ඕන එකක් මට කියන්න. මට මේවට විසඳුම් දෙන්න ශක්තිය තිබෙනවා'' යැයිද මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා එහිදී සදහන් කළේය.
තමාගේ මීළඟ ටෙලි නාට්‍ය ”ඉස්සරහත් එකයි. පස්සත් එකයි” බව ද ඔහු සදහන් කළේය.
'' පැටලෙන්න මම බය නැහැ. ඉස්සරහිනුත් පැටලෙනවා. පස්සෙනුත් පැටලෙනවා'' යැයි කී අමාත්‍ය මර්වින් සිල්වා මහතා එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයක් ඇත්නම් එය විසඳීමට තමාට කියන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කීවේය.