රවි ශංකර් මහතා අභාවප්‍රාප්ත වෙයි, INDIA SITAR LEGEND RAVI SHANKAR DIES

රවි ශංකර් ජීවන සිතාරය නිහඬ කරයි

 ප්‍රකට ඉන්දීය සංගීතඥ වූ පණ්ඩිත් රවි ශංකර් අමෙරිකාවේ සන්තියාගෝ රෝහලකදී අභාවප්‍රාප්ත විය.

මියයන විට 92 වැනි වියේ පසු වු පණ්ඩිත් රවි ශංකර් ශ්වසන ආබාධයකට ප්‍රතිකාර ලබමින් සිටියේ ය.

පණ්ඩිත් රවි ශංකර් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වුයේ සිතාර් වාදනයෙන් ඔහු දැක්වු නිපුණතාව හේතුවෙනි.

සුප්‍රකට බීටිල්ස් සංගීත කණ්ඩායම සමඟ සහ‍යෝගයෙන් ක්‍රියා කිරීමත් සමඟ රවි ශංකර් ජාත්‍යන්තරව වඩාත් ප්‍රචලිත විය.ඔහුගේ අභාවය හේතුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මං මෝහන් සිං නිකුත් කළ පණිවුඩයක දැක්වෙන්නේ ශංකර් ජාතික වස්තුවක් බවය.එසේම ඔහු ඉන්දීය සංස්කෘතික උරුමය ‍ගෝලීය වශයෙන් ව්‍යාප්ත කරලීමේ තානාපතිවරයකු ලෙසින් ක්‍රියා කළ පුද්ගලයකු බව ද ඉන්දිය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

Gossip Lanka Hot News Previous News Archive