INNOCENCE OF MUSLIMS මුස්ලිම් විරෝධී චිත‍්‍රපටය ප‍්‍රදර්ශනයට ගුගල් ට අවසර

ඇමරිකානු ෆෙඩරල් විනිසුරුවරයෙකු “INNOCENCE OF MUSLMS’’ මතභේදාත්මක චිත‍්‍රපටය you tube හි ප‍්‍රදර්ශනයට අවසර ලබා දී තිබේ. මෙම මුස්ලිම් විරෝදි චිත‍්‍රපටය ලොව පුරා අරගල ඇති කර ඇති අතර ඒවායින් 75ක් පමණ මියගොස් ඇත.
විනාඩි 14ක මෙම වීඩියෝ ඛන්ඩය ඉවත් කරන ලෙස එහි නිලියක වූ සින්ඩි ලී ගාෂියා නඩු පවරා ඇත. මෙහි තේරුම නොදැන තමා රඟපෑ බව ඇය කියා ඇත.
මෙම චිත‍්‍රපටයේ ඉංග‍්‍රීසි අනුවාදය තුලදී ඇය මහම්මත් තුමා ලමා ¥ෂකයෙකු ලෙස දක්වා ඇති බවක් පෙනෙන්නට ඇත. ඇය කියා සිටින්නේ DESERT
WORRIERS නම් චිත‍්‍රපටයක රඟපාන බව තමන්ට කියා තිබුණත්  අරාබි බසින් හඬ කැවීමේදී වෙනත් දෙබස් කවා ඇති බවයි. චිත‍්‍රපටය නිදහස් වූ වහාම දැඩි විරෝධයට ලක් වු අතර ගාෂියාට මරණ තර්ජන එල්ල විය.
මේ ගැන කම්පා වූ නිළිය GOOGLE, YOU TUBE සහ චිත‍්‍රපට නිෂ්පාදක නකුලා බස්ලි නකුලා ට එරෙහිව කතෘ භාග උල්ලංඝනය කලේ යයි පැවරූ නඩුව ලොස් ඇන්ජලිස් විනිසුරු වරයා නිෂ්ප‍්‍රභ කර ඇත්තේ වීඩියෝව මකා දැමීමේ ඉල්ලීමට අවසර නොදෙමිනි. ඇයගේ නීතිඥ ක‍්‍රිස් ආමෙන්ටා කියන්නේ තමන් අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.
කෙසේ නමුත් විවාදාත්මක චිත‍්‍රපට ඛණ්ඩය තවමත් you tube වෙබ් අඩවියේ ඇත.

Gossip Lanka Hot News Previous News Archive