ශී‍්‍ර ලාංකික නිළි ජැකලීන් යසිෆ් අලි කාන්ව වරදට පොළඹවාගනී - Jacqueline Fernandez seduces Saif Ali Khan in Race 2

බොලිවුඩය ජයගත් සුපිරි ශී‍්‍ර ලාංකික නිළි ජැකලීන් ෆර්නැන්ඩස් පසුගියදා කරීනා කපූර් සමග විවාහ වූ යසිෆ් අලි කාන් වරදට පොළඹවාගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් නිකුත් වී ඇත. විනාඩි දෙකහමාරක කාලයක් පුරා දිවයන මෙම වීඩියෝවේදි තම ශරීරය නිරාවරණය වන ලෙස ඉතාමත් කෙටි සායකින් සහ බ්ලව්සයකින් සැරසී සිටින ජැකලීන් සාරගී ඉරියව්වකින් ආදර වදන් මුමුණමින් යසිෆ් අලි කාන්ව වරදට පොළඹවාගැනිමට උත්සාහ කරන ආකරය පැහැදිලිව දකින්නට ලැබේ.

ජැකලීන් සහ යසිෆ්ගේ මෙම සාරගී දසුන් සහිත වීඩියෝව පසුගියදා එළි දැක්වූ අතර එය ලගදී තිරගත වීමට නියමිත රේස්- 2 නැමැති බොලිවුඞ් චිත‍්‍රපටයේ අඩංගු ලැට් ලැන්ග් ගෙයි නැමැති ගීතයේ මිසුසික් වීඩියෝවයි.


මෙම නවතම චිත‍්‍රපටියේ සුරූපී ජැකලීන්ගේ රගපෑම් ඉතාමත් ඉහල අඩියක තිබෙන බවත් ඇය ක‍්‍රමක‍්‍රමයෙන් තම හැකියාවන් ඔපමට්ටම් කර ගනිමින් බොලිවුඞ් සිනමාව තුළ ස්ථාවර ගමනක යෙදෙමින් සිටින බවත් ඉන්දීය සිනමා විචාරකයන් පවසයි.

වීඩියෝව නරඹන්න....








Gossip Lanka Hot News Previous News Archive