ජපානට සුනාමි අනතුරු ඇඟවීම්, Japan Hits 7.3 Earth Quake

 Breaking news updates 1

 ජපානයේ සුනාමි අවධානම ඉවතට.

 2012 දෙසැම්බර් 07 සිකුරාදා- පස්වරු 07:27

නැගෙනහිර ජපානයේ අද (07) ප‍්‍රබල භූ කම්පනයක් සිදුවුණා. රික්ටර් පරිමාණයේ 7.3ක ප‍්‍රබලත්වයෙන් සටහන් වුණු භූ කම්පනයෙන් පසු එරට බලධාරීන් ජපානයට සුනාමි අවධානමක් ද නිකුත් කළා. නැගෙනහිර ජපානයේ කමියාෂිවල සිට කිලෝමීටර් 245ක් දුරින් වූ මුහුදේ කිලෝමීටර් 36ක් ගැඹුරින් භූ කම්පනය සිදුවී තිබෙනවා. එමගින් සෙන්ටිමීටර් 50ත් මිටර් 2ත් අතර උසින් යුත් උදම් රළක් ජපානයට ඇති විය හැකි බවටයි කාලගුණ අංශ අනතුරු ඇගවූ අතර මීටරයක් පමණ උස උදම් රළක් කමියාෂි ප‍්‍රදේශයට හට ගත්තා. එහිදී 4 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ජපාන මාධ්‍ය වාර්තා කළේ. පැය කිහිපයකට පසු සුනාමි අවධානම ඉවත් කළ බව එරට කාලගුණ බලධාරීන් සඳහන් කළා.

 Breaking news 

A strong earthquake hits off coast of Northeastern Japan

අද (07) මීට සුළු වේලාවකට පෙර ජපානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ඇති වූ භූකම්පනයෙන් පසුව එරට ප‍්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් කර ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

ඇමෙරිකානු භූවිද්‍යා පර්යේෂණ ආයතනයට අනුව රිච්ටර් මාපක 7.3ක මෙම භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය, කමිඅෂි ප‍්‍රදේශයෙන් කි.මී. 245 ක් නිරිත දෙසින් හා කි.මී. 36ක් ගැඔුරින් ඇති ව තිබේ.


මෙම භූකම්පනය ටෝකියෝ අගනුවරට දැනී ඇති බව විදෙස් වාර්තා වල වැඩිදුටත් සඳහන් වේ.

සුනාමි අනතුරු ඇඟවීම් සිදුකළ ප‍්‍රදේශ අතර 2011 මාර්තු මස ඇතිවූ සුනාමි ව්‍යවසනයෙන් දැඩි ලෙස බලපෑ මියාගි ප‍්‍රදේශයද ඇතුළත් බව පැවසේ.

කෙසේ වෙතත්, පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසා ඇත්තේ ශාන්තිකර සාගරයේ විශාල ප‍්‍රදේශයකට මෙමගින් බලපෑමක් ඇති නොවනු බවයි.

Gossip Lanka Hot News Previous News Archive