ජාතිවාදය, ආගම්වාදය ඉස්මතුවීම රටට විශාල අනතුරක් - JVP Leader Somawansa Amarasinghe

ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුම්වලට ඉඩ නොදී සියලු ජනතාව අතර සමගිය වර්ධනය කිරීම සඳහා ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් අත්පත්‍රිකා බෙදාහැරීමේ වැඩසටහනක් අද ‍(24) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී පැවැත්විණ. ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. ‍

එහිදී සෝමවංශ අමරසිංහ මහතා පැවසු අදහස් ජවිපේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක මෙසේද දැ‍ක්වෙයි..


"අපි අද ජනතාව දැනුවත් කරන අත්පත්‍රිකා ඛෙදීමේ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. මේ රටේ මේ අවස්ථාව වන විට බරපතල ආකාරයෙන්, භයානක ආකාරයෙන් නැවතත් ජාතිවාදය, ආගම්වාදය ඉස්මතුවීමේ ප්‍රවණතාවයක් ඇතිවෙලා තිඛෙනවා. අපි දකිනවා ජනතා විමුක්ති පෙරමුණ ලෙස මේ ප්‍රශ්නය නිසා රටට ලොකු තර්ජනයක් ඇතිවෙලා තිඛෙනවා. ජාතික සමගිය, ජාතික සංහිඳියාව නැති කිරීමේ තර්ජනයක් තිඛෙනවා. මේකට ආණ්ඩුවට කිසි උත්තරයක් නැහැ. ආණ්ඩුව මෙය විසඳන්නේ නැහැ. මේ ධනපති ආණ්ඩුවට මේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ. මෙම ප්‍රශ්නය ආශිර්වාදයක් හැටියට තමයි ආණ්ඩුව සලකන්නේ."

"අපි හිතනවා මේ අවස්ථාවේ අපේ රටේ මිනිසුන් දැනුවත් කරන්න ඕනේ. නැවත වතාවක් මේ රටේ ආගම්වාදී ජාතිවාදී කළකෝලාහල ඇති නොවෙන්න ජනතා අසමගිය ඇති කරන්න කිසිකෙනෙකුට ඉඩදිය යුතු නැහැ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අද රටේ තිබෙන ආර්ථීක, දේශපාලන, සමාජමය සහ සංස්කෘතිකමය ප්‍රශ්න පිළිබඳ කල්පනා කරන්න. ඒ පිළිබඳව හිතන්න. එයට තිබෙන විසඳුම මොකක්ද කියලා කල්පනා කරන්න. අද තිබෙන එක විසඳුමයි. අද තිඛෙන්නේ සමාජවාදය පමණයි. මේ ධනපති ක්‍රමය, මේ ධනපති ආණ්ඩුව පෙරළා දමන්න ඕනේ. මේ ක්‍රමය යටතේ ජාතිවාදය හෝ ආගම්වාදය උදෙසා කරන ප්‍රකෝප කිරීම් කිසිදා පරාජය කරන්න බැහැ. ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ කරන නොමඟ යැවීම්වලට හෝ ප්‍රකෝප කිරීම්වලට හසුනොවී රටේ ජාතික සමඟිය, ජාතික සංහිඳියාව ඇති කිරීමට සටන් කරන ලෙස. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකතු වෙන්න කියලා ආරාධනා කරනවා."









Gossip Lanka Hot News Previous News Archive