ගණිකා වෘත්තිය නීතිගත කලාට වරදක් නැහැ - Madhusha Dissanayake, recommended legalizing prostitution in sri Lanka

ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙහි වරදක් නැතැයි ශ‍්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ අධ්‍යාපන එකකයේ අධ්‍යක්ෂිකා මානව විද්‍යාඥ මධූෂා දිසානායක මහත්මිය පවසයි.

ඇය පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක ලබාදෙමින් මේ බව පවසා තිබේ.

මෙම වෘත්තිය නීති ගත කිරීමකට වඩා පවතින නීති සංශෝධනයක් විය යුතු බවත්, එමෙන්ම එය සංශෝධනය විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව පුළුල් කතිකාවක් ගොඩනැගිය යුතු බවත් ඇය එහිදී දක්වා ඇත.


ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් ඒ කෙරෙහි ඇදී යන ප්‍රමාණය ඉහල යනු ඇතැයි ඇතැමුන් දක්වන අදහස ගැන ඇය කියනේ එය එසේ වනවානම් එය ගෞරවය පිළිබද ප්‍රශ්නයක් විනා නීතිය සම්බන්ධ ගැටලුවක් නොවන බවයි.

කෙනෙකු අනෙකාව අත හැර යන්නේ ඔයාට වඩා හොඳ කෙනෙකු එක්ක යනවා කියන එක නිසා බවත් තමන් ගැන ආත්ම අභිමානයක් තියෙනවා නම් ලිංගික වෘත්තිකයෙකු සමග යන්නේ පහළට වැටෙන්න නොවෙයි, ඉහළට යන්න බවත් ඒ නිසා මේ මෙය නීතිගත කිරීමෙන් ප්‍රශ්නය උග්‍රවන ගැටලුවක් වන්නේ නැති බවද ඇය පෙන්වා දෙයි.

එමෙන්ම රටේ ඇති තවත් පනත් කිහිපයක් සංශෝධනය විය යුතු තත්ත්වයේ ඇති බවද සංශෝධන සඳහා ඒ ඒ අංශ වලට සම්බන්ධ පුද්ගලයින් මෙන්ම ජනතාවද මැදිහත් විය යුතු බව ඇය පෙන්වා දෙයි.

මෙවැනි සංශෝධන නීති කෙටුම් පත් සම්පාදකයෝ පමණක් කළයුතු ඒවා නොවන බවද මධුෂා දිසිනායක මහත්මිය පෙන්වා දෙයි.


Gossip Lanka Hot News Previous News Archive