ඇන්ජලෝ මැතිවුස් නායකත්වයට පත් කිරීම සඳහා මෙය සුදුසුම වේලාව යයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන පවසයි. විදෙස් මාධ්‍ය අමතමින් ඔහු පවසා ඇත්තේ ඕස්ටේ්රලියානු සංචාරයෙන් පසුව නායකත්වය පිළිබඳව තීරණයක් ගන්නා බවයි.
’‘මැතිවුස් උප නායකයා වශයෙන් ඔහු පිටිය තුළදී මෙන්ම පිටියනේ පිටතත් විශාල දෙයක් කරනවා. නමුත් බොහෝ අය එය දකින්නේ නෑ. ඔහු දක්ෂ කී‍්‍රඩකයෙක්. අනෙක් වැදගත්ම දේ තමයි ඔහු තරුණ කී‍්‍රඩකයන්ගෙන් මෙන්ම ජේ්‍යෂ්ඨ කී්රඩකයන්ගෙනුත් ගෞරවය ලබනවා. ඇන්ජලෝට කණ්ඩායම මෙහෙයවීමේ හැකියාව තියෙනවා. ඔහු ශ්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේදී නැගෙනහිර කණ්ඩායම අවසන් තරගය දක්වාම රැුගෙන ගියා.
මම නායකත්වයට පත්වීමේදී ගැටලූ කිහිපයක් තිබුණා. යම්තාක් දුරකට මට එය අවම කරගැනීමට හැකිවුණා. දැන් කණ්ඩායමක් වශයෙන් අපට ළඟාකර ගන්න ඕන දේ පිළිබඳව අරමුණකින් යුතුව කටයුතු කරනවා. ඉතින් මේ අවස්ථාව තමයි ඇන්ජලෝට නායකත්වය ලබාදිය යුතු හොඳම අවස්ථාව.
හැම වෙලාවෙම මගේ කනගාටුවක් තියෙනවා. මම විශ්‍රාම ගැනීමට කලින් ලෝක කුසලානයක් ජයගැනීමට නොහැකිවීම පිළිබඳව, අපි තවමත් ඉන්දියාවේදී හෝ ඕස්ටේ්රලියාවේදී ටෙස්ට් තරගයක් ජයගෙන නෑ. එය ඉටු කිරීමට අවශ්‍යයි’’ යනුවෙන්ද මහේල පවසා ඇත.
තමන් කණ්ඩායමේ නායකත්වය ලබාගැනීමේදී ගැටලූ කිහිපයක් උද්ගතව තිබූ බවත්, එම ගැටලූ යම් තාක් දුරකට අවම කර ගැනීමට හැකිවූ බවද ඔහු පවසයි.