දහසකට ආසන්න වෙළෙඳුන් පිරිසක් මාතර බස් නැවතුම් පළ ඉදිරිපිටම එක් වී මේ උද්ඝෝෂණය පවත්වන බව එම වාර්තා සදහන් කරයි.
මාතර පොළ පැවති ස්ථානය වැඩි දියණු කරන බවට නගරාධිපතිවරයා මුලදී පොරොන්දු වුවත් ඒ වෙනුවට ඔහු පොළ භූමියේ රථ ගාලක් ඉදිකිරීමට පියවර ගෙන ඇතැයි වෙළඳුන් චෝදනා කරති.
එම ස්ථානයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවත් මේ වන විට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් මහතා ඇතුලු පිරිසක්ද එම ස්ථානයට පැමිණ ඇති බවත් වාර්තා වේ.