දහස් ගණනක් මයාවරුන්ගේ දේශයට රැස්වෙති - The Mayan 2012 apocalypse

නව යුගයක එළැඹුමේ අත්දැකීම විද ගැනීම සඳහා විවිධ ක්ෂේත්‍රයන්හි ගවේෂකයින් දහස් ගණනක් මේ වන විට මායාවරුන්ගේ දේශයට රැස්ව සිටිති.මිත්‍යා මත දරන්නන් නවමු අත්දැකීම් සොයන්නන් මෙන්ම සංචරකයින් මෙක්සිකෝවේ චිචික් ඉට්සාහි ශුද්ධ වූ ස්මාරක අසලට රැස්ව සිටින්නන් අතර වන බව රොයිටර් වාර්තා කළේය.බොහෝ දෙනෙකු රැස්ව සිටින්නේ, මායාන්වරුන් කුකුල්කන් නමින් දේවත්වයෙන් සලකන තැනැත්තා වෙනුවෙන් ඉදිකරන ලද පිරමීඩය වෙතටය.මායාවරුන්ගේ දින දර්ශනය අනුව අද දිනය යුගයක අවසානය සටහන් කරන්නකි.



දින 144,000ක් හෙවත් ආසන්න වශයෙන් සම්මත වසර 400ක් වන මායාවරුන්ගේ දින දර්ශනයේ සඳහන් 13 වන යුගය අවසන් වන බව සැලකෙන්නේ අද දිනයේදී ය.

එම දින දර්ශනයේ දින 5,125 වන දිනය අද වේ.

මීට සමගාමිව ලොව බොහෝ කලාපවල විවිධ මත පළ වී තිබේ.

මේ අතර මේ සම්බන්ධයෙන් ජනතාව නොමග යවනසුලු කටකතා ප්‍රචාරය කළ බවට චීන බලධාරීන් පුද්ගලයින් 1000ක් පමණ රඳවාගෙන ඇතැයි, එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.

Gossip Lanka Hot News Previous News Archive