ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය විදේශ රැකියාවලින් ලැබෙන ආදායමයි - Minister Dilan Perera

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් මිලියන 5.4 ක්‌ විදේශ රැකියා ක්‍ෂේත්‍රයේ සිටිනවා.

 මේ වසර අවසන් වනවිට විදේශ රැකියාවලින් ඩොලර් මිලියන 5.84 ක්‌ විදේශ විනිමය ලෙස රටට ලැබෙන බවත් වාර්තමානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ විදේශ රැකියාවලින් ලැබෙන ආදායම යයි විදේශරැකියා ප්‍රවර්ධන සහ සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පසුගියදා මාතර දී පැවැසීය.

ශ්‍රී ලංකා විදේශ නියුක්‌ති කාර්යාංශය මගින් සංවිධානය කළ රට විරුවන් ඇගැයීම සහ මාතර දිස්‌ත්‍රික්‌ රටවිරු සංවිධානය පිහිටුවීම සඳහා මාතර නූපේ ස.ණ.ස. හාලාවේදී පැවැති රැස්‌වීම අමතා අමාත්‍යවරයා එසේ පැවැසීය.


මේ රටට වැඩිම විදේශ විනිමයක්‌ ගෙනෙන රට විරුවන් අපි අගය කළාද?  

අපි ඔවුන්ට සමාන අවස්‌ථාවක්‌ දුන්නේ නැහැ. අද වනවිට ශ්‍රී ලංකා විදේශ නියුතු කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රටවල මිලියන 1.08 ක්‌ (ලක්‍ෂ 17 ක්‌ පමණ) සිටිනවා.

විදේශ සේවා නියුක්‌ත කාර්යාංශය තිබෙන්නේ ලාබ ලබන්න නොවෙයි. සේවයක්‌ කරන්නයි. එය විදේශ රැකියා නියෝජිත ආයතනයක්‌ නොවෙයි. මේ වනවිට අපේ කාර්යාංශය අයි.එස්‌.ඕ. සහතිකයද ලබාගෙන තිබෙනවා. අඳුරේ අතපත ගාන ආයතනයක්‌ නොවෙයි. කොරියාවට කිසිම කෙනෙකුට සල්ලි අරගෙන යවන්න බැහැ. විභාගය පාස්‌ උනාම කොරියාවෙන්ම තමයි නම් ලයිස්‌තුව එවන්නේ. දකුණු කොරියාවට විදේශ රටවල් විස්‌සකින් රැකියා සඳහනා යවනවා.

ඒ රටවල් විස්‌සම අභිභවා ශ්‍රී ලංකාව විනිවිද භාවය, කාර්යක්‍ෂමතාවය, ආචාර්ය ධර්ම මේ හැම අතකින්ම පළමු ස්‌ථානයට ආවා.

දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය බිංදු වීරසිංහ මහතා, මේ රටට විශාල විදේශ විනිමයක්‌ ලබා දෙන රටවිරුවන් අපි අගය කළ යුතුයි. සමහර රටවල අපේ තානාපති කාර්යාල වලින් රටවල් වල ඉන්න ඇතැම් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිදුවන කාර්යභාරයත් ගැන සතුටු වෙන්න බැහැ. කොරියාවට ධීවර කටයුතු සඳහා ලියලා අපේ තරුණයන් යනවා. මාළු අල්ලන්න වත් දෙන්නේ නැතිව එහේ ගිහින් වැඩක්‌ නැහැ.

ශ්‍රී ලංකා විදේශ නියුතු කාර්යාංශයේ නියෝජය සාමාන්‍යාධිකාරි සී. බී. වීරසේකර මහතා - මේ රටේ ආර්ථිකය ශක්‌තිමත් කිරීමට රට විරුවන්ගෙන් ලැබෙන දායකත්වය අගය කළ යුතුයි. මුලින් මේ රටට ප්‍රධානතම විදේශ විනිමයක්‌ ලැබුනේ ඇඟලුම් කාර්මාන්තයෙන්. අද එය වෙනස්‌වෙලා අද රට විරුවන්ගෙන් ප්‍රධානම විදේශ විනිමය ලැබෙන්නේ.

දකුණු පළාත් සභාවේ සභාපති ජස්‌ටින් ගලප්පත්ති, දකුණු පළාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්න යන අයද කතා කළ අතර මෙම අවස්‌ථාවට පළාත් සභා මන්ත්‍රීවරුන් ද මාතර මහදිසාපති ඩබ්. කේ. කේ. අතුකෝරල මහත්මිය ඇතුළු විශාල පිරිසක්‌ සහභාගී වී සිටියහ.

Gossip Lanka Hot News Previous News Archive