තම පාර්ලිමේන්තු දිවියේ වඩාත් සතුටු වු දිනය අද බව ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් එක්සත් ජාතික පක්ෂයේ රෝසි සේනානායක මන්ත‍්‍රීවරිය යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අදාල ප‍්‍රශ්නය යොමු වුයේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ ගැටළු කිහිපයක් පිලිබඳවයි.
ඇමතිතුමාගේ ප්‍රකාශය මට අපහාසයක් වගෙයි!
කාන්තාවක් වූ පමණින් කළ අපහාසයක් ලෙස අමාත්‍ය කුමාර වෙල්ගම මහතා විසින් කළ ප්‍රකාශය දකින බව එක්සත් ජාතික පක්ෂයේ රෝසි සේනානායක මන්ත්‍රීවරිය පවසයි.
මෙවැනි රූමත් නෝනා මහත්මියක් මගෙන් ප්‍රශ්න අහනවාට ගොඩාක් සතුටුවන බවත් තමාගේ වසර 19ක පාර්ලිමේන්තු ජීවිතයේ වඩාත්ම සතුටු වන දවස අද බවත් අමාත්‍යවරයා පැවසුවේය.
රෝසි සේනානායක මහත්මියගේ මුහුණ දිහා බලාගෙන සිටින විට වචන පැටලෙන බවද එහීදි කුමාර වෙල්ගම අමාත්‍යවරයා කියා සිටියේය.
කෙසේ වෙතත් එහිදී රෝසී සේනානායක මහත්මිය පැවසුවේ මගේ නමටවත්, මතුපිට පෙනුමටවත් නොව වැදගත් ප්‍රශ්නයක් ලෙස එය තමන් ඉදිරිපත් කළ බවයි.
ඒ අනුව අමාත්‍යවරයා විසින් තමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය කාන්තාවක් වූ පමණින් කළ අපහාසයක් ලෙස දකින බව ඇය කියා සිටියේය.