ඌරු වැඩකට මර්වින් සිල්වා කර ගසයි . Minister Mervyn silva intervene to a pig farming Problem

දිවුලපිටිය උල්ලලපොළ ප‍්‍රදේශයේ ප‍්‍රමිතයකින් තොර පවත්වාගෙන යන ඌරු ගොවිපළ ලබන ජනවාරි මස 15 වනදාට පෙර නිසි ප‍්‍රමිතියෙන් පවත්වාගෙන යාමට පියවර නොගතහොත් එහි සිටින ඌරන් 5000 ක් පමණ තමන් රැගෙන යන බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා. නෙත් ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයේ නෙත්සැරයෙන් සහ බැලූම්ගල වැඩසටහනෙන් ඉකුත්දා අදාළ ඌරු ගොවිපළෙන් අසල්වාසීන්ට සිදුවන හිරිහැර පිළිබඳ හෙළිදරව් කෙරුණා. ඒ පිළිබඳ අවධානය යොමු කළ මර්වින් සිල්වා අමාත්‍යවරයා අද එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

එහිදී අදාළ ගොවිපළ නිසි ලෙස පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා එහි හිමිකරුට දැනුම් දුන්නේ.
ප‍්‍රදේශවාසීන්ට හිරිහැරයක් වී ඇති ගොවිපළ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයකින් අනතුරුව තම ක‍්‍රියාමාර්ග ගන්නා බවයි මර්වින් සිල්වා අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.



Gossip Lanka Hot News Previous News Archive