අම්පාරට යළිත් භූ කම්පන, Minor tremors in Ampara again

අම්පාර දිස්ත්‍රික්කයේ වඩිනාගල, ගල්කන්ද, දේවාලහිඳ යන ප්‍රදේශවලින් යළිත් භූ කම්පන හටගෙන තිබේ.

ඊයේ (08) පස්වරු 6.55ට සහ රාත්‍රී 10.06ට පමණ මෙම භූකම්පන තත්ත්වයන් වාර්තා වු බව ප්‍රදේශවාසින් පවසයි.

මේ සම්බන්ධයෙන් අද දෙරණ භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයෙන් විමසීමක් කළේය.


එහි සභාපති ආචාර්ය එන්.පි.විජයානන්ද මහතා සඳහන් කළේ අදාළ කම්පනය පල්ලෙකැලේ භූවිද්‍යා මධ්‍යස්ථානයේ සටහන්ව ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ කම්පනය ප්‍රබල භූ කම්පනයක් නොවන බව විජයානන්ද මහතා පවසයි.

පසුගිය කාලයේ අම්පාර ප්‍රදේශයෙන් අවස්ථා ගණනාවකදී මෙවැනි කම්පන තත්ත්වයන් වාර්තා වු අතර ඒ පිළිබඳ සොයා බැලීමට භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් ද මේවන විට එම ප්‍රදේශයට ගොස් තිබේ.

ඔවුන් සිදුකරන පරීක්ෂණවලින් අනතුරුව මෙම භූකම්පනවලට හේතුව නිගමනය කළ හැකි බව එන්.පි. විජයානන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Gossip Lanka Hot News Previous News Archive