" Miss Universe 2012 " විශ්ව රූ රැජින කිරුළ ඇමෙරිකාවට

වසර 15 කට පසු ප‍්‍රථම වතාවට විශ්ව රූ රැජින කිරුළ ඇමෙරිකාවට හිමිවී තිබේ.


ලංකාව නියෝජනය කරමින් Subrina Herft සහභාගීවූ, ඇමෙරිකාවේ ලාස් වේගාස් පැවති 2012 විශ්ව රූ රැජින අවසන් තරගයේදී තරගකාරියන් 88 දෙනෙකු පරදවා ජයග‍්‍රහණය හිමිකරගැනීමට 20 හැවිරිදි ඔලිවියා කල්පෝ ඊයේ සමත්ව වූවාය.

මෙවර විශ්ව රූ රැජින අවසන් තරගයේ දෙවන ස්ථානය පිලිපීනයටත්, තුන් වන ස්ථානය වෙනිසියුලාවටත් හිමිවිය.

පසුගිය වසරේ විශ්ව රූ රැජින වූ ඇන්ගෝලාවේ ලෙයිලා ලෝපෙස් විසින් ඔලිවියා හට කිරුළු පළඳවනු ලැබිණි.


ඇමෙරිකාවේ බොස්ටන් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන ඔලිවියා, දක්ෂ චෙලෝ වාදන ශිල්පිණියක් ද වේ. පසුගිය වසරේදී ඇමෙරිකානු රූ රැජින ලෙස තේරී පත්වූ ඇය, එම කිරුළ දිනාගැනීමට සමත්වූ පළමු රෝඞ් අයිලන්ඞ් තරගාකාරිය ද වේ.

අවසාන වරට ඇමෙරිකාවට විශ්ව රූ රැජින කිරුළ හිමිවූයේ 1997 දීය. ඒ බෲක් ලී මෙම කිරුළ ජයගැනීමෙන් අනතුරුවයි.
























Gossip Lanka Hot News Previous News Archive