මව හා දරු දෙදෙන ගින්නට බිලි - Mother and two children die in fire

රත්මලාන ගොළුමඩමේ දෙමහල් නිවෙසක අද (17) උදෑසන ඇතිවූ ගින්නක් නිසා එම නිවසේ විසූ මවක් හා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එසේ මියගොස් ඇත්තේ තිස් එක් හැවිරිදි මව පාසල් ගුරුවරියක හා ඇය ළඟ නිදා සිටි වසර එක හමාරක් හා මාස තුනක් වයසැති දියණියන් දෙදෙනා ද, මරුමුවට පත්ව ඇත.
ව්‍යාපාරිකයකු බව කියන සැමියා යාබද කාමරයේ නිදා සිට ඇත.

විදුලි කාන්දුවකින් මරණ තුන සිදුවූයේ දැයි පොලීසිය සැක කරයි.


මේ අතර, මහනුවර, වත්තේගම ප්‍රදේශයේ සඟවා තිබූ පිළිස්සී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක කොටස් සොයාගෙන තිබේ.

මෙම පුද්ගලයා පසුගිය 14 වන දින සිට ආගියඅතක් නොමැති බවට පොලීසියට පැමිණල්ලක් ලැබී තිබිණි.

ඒ අනුව විමර්ශන සිදු කළ පොලීසිය මෙම පුද්ගලයාගේ ශරීර කොටස් සොයාගෙන ඇත.

මෙම පුද්ගලයා ඝාතනය කිරීමෙන් අනතුරුව පුළුස්සා මෙම ස්ථානය ගෙනවිත් දමන්නට ඇති බව‍ට පොලීසිය සැක පළ කරයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අද (17) තෙල්දෙණිය මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වත්තේගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Gossip Lanka Hot News Previous News Archive