වසරේ කායවර්ධන ශූරයා නාවික හමුදාවේ සුභාෂ්. Navy’s Subash wins Mr Sri Lanka title

මෙම වසරේ ජාතික කායවර්ධන ශූරයා ලෙස ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ සුභාෂ් සිරිවර්ධන ඊයේ (23) සම්මාන දිනා ගත්තා. ශී‍්‍ර ලංකා කායවර්ධන සම්මේලනය සංවිධාන කළ 2012 ජාතික කායවර්ධන ශූරතාවලිය පැවැත්වුණේ කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවේදීයි. එහිදී විවිධ බර පන්ති 07 ක් සඳහා තරග වැදුණු තරඟකරුවන් 65 දෙනෙකු පරාජයට පත්කරමිනුයි සුභාෂ් සිරිවර්ධන වසරේ ජාතික කායවර්ධන ශූරයා ලෙස තේරී පත්වුණේ.
ප‍්‍රථම වරට ජාතික කායවර්ධන ශූරතාවයට එක්කර තිබූ හොඳම මාංශ පේශී වර්ධකයාට හිමිවන කුසලානය දිනා ගැනීමටද මෙහිදී නාවික හමුදාවේ සුභාෂ් සිරිවර්ධනට හැකිවුණා.


Gossip Lanka Hot News Previous News Archive