කඩවත ප්‍රදේශයේ 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක ඇගේ 14 හැවිරිදි සොහොයුරා විසින් අපයෝජනයට ලක්කර ඇතැයි කියන සිද්ධියක් පිළිබඳ ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ පොලිස් ඒකකය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
ඒ සම්බන්ධයෙන් සැකකාර සොහොයුරා පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂයක බැඳුම්කරයක් මත මුදාහැර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අපයෝජනයට මැදිවූ ශිෂ්‍යාව වෛද්‍ය පරීක්‍ෂණයට ඉදිරිපත් කිරීමේදී එම සිද්ධියට අදාළව තවත් වෛද්‍ය මතයක් ඉදිරිපත් වී ඇති අතර ඒ පිළිබඳ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි. සිද්ධියට මැදි වූ දැරිය අධිකරණ නියෝග මත ගැලවීමේ නිවස්නයේ රඳවා ඇත.