
රතු වැස්ස පැවැති කාලසීමාව තුල සුළං පැමිණියේ ඉන්දියාව දෙසින් බවට කළ අධ්‍යයනයේදී අනාවරණ වී ඇතැයි ඔහු සඳහන් කළේය.මසුන් සහිත වැසි ඇතිවීමට ටොනේඩෝ සංසිද්ධිය හේතු වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එච්.කාරියවසම් මහතා සඳහන් කළේය.
මේ අතර දඹුල්ල, මැදිරිගිරිය හා බදුල්ල යන ප්‍රදේශවලින් ඊයේ දිනයේ කහවැසි පතිත වීමේ සිදුවීම් වාර්තා විය.
අප වාර්තාකරුවන් පැවසුවේ එම කහවැසි සමග දඹුල්ල හා අනුරාධපුර යන ප්‍රදේශවලට මත්ස්‍යයින් ද පතිත වී ඇති බවය.
පෙරේදා රාත්‍රියේ ඇදහැළුණු වැසි සමග මහව ප්‍රදේශයේ වහලයක් මතට කොරල් කැබල්ලක් ද පතිත වී තිබේ.