රාගය තමයි ලොකුම ගින්න - Roshan Pilapitiya

ගෙවීගිය සති කිහිපය තුළ මෙරට මාධ්‍ය ඔස්සේ වැඩි කතාබහකට ලක්වූ, ජනප්‍රිය නළු නිළි දෙපළක් වන රොෂාන් පිලපිටිය සහ චතුරිකා පීරිස්ගේ දිගුකාලීන සබඳතාවය බිඳීයාමේ පුවතට අදාළව, චතුරිකා පීරිස් පළකළ අදහස් ඉකුත් සතියේ ඉදිරිපත් කළෙමු. 

කෙනෙකුගේ ජීවිතයේ පෞද්ගලික කාරණා පිළිබඳව ප්‍රචාරයක් ලබාදීම එතරම් සදාචාරාත්මක නොවේයැයි ඇතමෙකුට හැඟෙන්නට හැකි වුවද, රොෂාන් සහ චතුරිකා මෙරට කලා ක්ෂේත්‍රය තුළ අත්කරගෙන සිටින ජනප්‍රියත්වය මත, ජනතාව ඒ සිදුවීම සම්බන්ධයෙන් දැක්වූ ඉහළ අවධානයත්, ඒ පිළිබඳව කරුණු දැක්වීමට චතුරිකා නොපැකිලව ඉදිරිපත්වීමත් යන හේතූන් නිසා එසේ එම සංවාදය ඉකුත් සතියේ පළකිරීමට අපි තීරණය කළෙමු. 


 එම සංවාදය පළවීමෙන් අනතුරුව අපට ලැබුණු ප්‍රතිචාර අතර බොහෝ දෙනකු කළ විමසීමක් වූයේ එම සිදුවීමට සම්බන්ධ අනෙකුත් පාර්ශ්වයන්ගේ අදහස් සඳහා  අවස්ථාවක් ලබා නොදුන්නේ මන්ද යන්නය. එබැවින් රොෂාන් පිලපිටියගේ සහ මෙම සිදුවීමෙහි තුන්වැනි පාර්ශ්වය ලෙස හැඳින්වුණු ගයාන් වික්‍රමතිලකගේද අදහස් සඳහා මෙවර  ඉඩකඩ මෙසේ වෙන් කිරීමට අපි තීරණය කළෙමු.


"රාගය තමයි ලොකුම ගින්න කියලා ධම්මපදයේ සඳහන් වෙනවා"

- රොෂාන් පිලපිටිය


චතුරිකා කියන විදියට, එයාගේ දෙමවුපියොත් වැරදියි, ගයාන්ගෙ දෙමවුපියොත් වැරදියි. ගයාන්ගෙ බිරිඳත් වැරදියි. කඩවත ‍පොලීසියත් වැරදියි. මගේ ගෙදර මෙහෙකාරියත් වැරදියි. ඒ සියලු දෙනාම වැරදියි. ඒ දෙන්නා විතරයි හරි. නමුත්, හෘද සාක්ෂිය තමයි අන්තිමේදී ඕනෑම කෙනෙකුට වැදගත් වෙන්නේ. රාගය තමයි ලොකුම ගින්න කියලා ධම්මපදයෙත් සඳහන් වෙනවා. මම මීට වැඩි දෙයක් කියන්න බලා‍පොරොත්තු වෙන්නේ නෑ. සියලු දෙනාටම යහපතක්ම වේවා.


"සියලු චෝදනා මම ප්‍රතික්‍ෂේප කරනවා"


- ගයාන් වික්‍රමතිලක


මට විරුද්ධව එල්ල කරලා තිබෙන සියලු චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. ජංගම දුරකතනයෙන් යවන ලද SMS පණිවුඩයක් මුල්කරගෙනයි මේ අය මට චෝදනා කරන්නේ. වරදවා වටහාගැනීමක් සහ අවබෝධය නැතිකම නිසයි ඒ විදිහේ චෝදනාවක් මට එල්ල වුණේ. මම ඒ ප්‍රශ්නය ගැන දැන් වැඩිදුර කතාබහ කරන්න කැමැති නැහැ. මොකද, මේ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් වන තරමටම පසුගිය කාලයේ මාධ්‍යවලින් කතාබහට ලක්වුණා.
මම මේ ප්‍රශ්නය විසඳීම කාලයට බාර දීලයි තියෙන්නේ. දැන් මම මුල්තැන දෙන්නේ රංගනයටයි. මොකද පසුගිය කාලයේදී මට ඒ කටයුතුත් තරමක් අතපසු වුණා.
ඒ නිසා දැන් මම රංගනයෙන් තවත් ඉදිරියට යන්න හැකි උපරිම උත්සාහය යොදනවා. මම බිරිඳගෙන් අද වෙන්වී සිටියත් මම ආදරය කරන, මට ආදරය කරන පුතුන් දෙදෙනකු මට සිටිනවා. මට ඒ අයගෙ ඉදිරි වැඩකටයුතුත් ගොඩක් තියෙනවා.මේ හැම ප්‍රශ්නයකටම කාලය උත්තර සපයාවි.

 ඉහත සදහන් වන්නේ ලක්බිම පුවත්පතට  රොෂාන් පිලපිටිය හා ගයාන් වික්‍රමතිලක ලබාදුන් අදහස් වේ.
  
ඒ අනුව චතුරිකාගේ පාර්ශවයෙන් කියන්නේ රොෂාන්ගේ වෙන්වීමට හේතුව මාධ්‍යයට කිව නොහැකි බවයි. තමාගේ පවුල් ජිවිතයට තෙවන්නෙක් පැමිණියේ නැති බවත්ය. චතුරිකා කියන මාධ්‍යයට කියන්න බැරි දේ කුමක්ද ? ඒ රොෂාන් "ගේ" (සමලිංගිකයෙකු) බවය. රොෂාන් විසින් අද ලක්බිම පුවත්පතට පවසා තිබෙන දෙයින් අදහස් වන්නේ මේ සේරටම හේතුව "චතුරිකාගේ රාගය" බවයි

ඇත්තටම රොෂාන් "ගේ" ද ? ඒ බව කල විමසීමක දී ඔහු පවසා ඇත්තේ  පසුගිය කාලය පුරාවටම ඔහු චතුරිකාට ළමුන් සාදා පිළිවෙලක් වීමට යෝජනා කලත් චතුරිකා එය වුවමනාවෙන්ම එය මගහැරී බවයි.


-සම්බන්ධිත පුවත්-

1 . රොෂාන් - චතුරිකා ගැටුමේ සැබෑ හේතුව ?

2 . රොෂාන් මට මඩ ගහනවා

3 තුන් වන පාර්ශවයක් මැදිහත් වුණා කියන එක බොරුවක්

  
 4 චතුරිකා පිරිස් හා රොෂාන් පිලපිටිය වෙන්වෙයි

 5. මම චතුරිකාගේ හිතවතෙක් විතරයි . එක ප්‍රේම සම්බන්දයක් නොවේ , ගයාන් වික්‍රමතිලක ගෙන් පිළිතුරක්

Gossip Lanka Hot News Previous News Archive