![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQKKkXDh-ZjKUpItNTtWfEnj-_lv9Pw-kA_64clzA9uEOp58_TvP32_5XUq5TlCFNiK4Ig2AZ-KcUjGgUFRn9N_sqHYuWZapq7w-uP1VEXZkod9uc8rjbyLqaINda8dBmOJeeuSUJmS0k/s200/1.jpg)
වසර 12 කට පෙර ලෝක රූ රැජින කිරුළ දිනාගත් පි‍්‍රයංකා චොප්රා අදට ද සිටින්නේ ලොව සුන්දරතම, ආකර්ෂණීයම තරුණියන් අතර, ඉදිරියෙන් බවට ඇය විසින් සනාථ කර තිබේ. ඒ 2012 වසර ගෙවී අවසන් වන්නට දින ගණනක් පමණක් ඉතිරිව තිබියදී “ආසියාවේ සිටින සරාගීම කාන්තාව“ ට හිමි කිරුළ දිනාගනිමිනි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOc4ETpyJFqa2kC227tmr_0PD_GM8b03eVkzNLFbN4O8QxRdwU-GSroPB3OPNe7A4gpw3wOUfMJ8PiAtlN6L7D7ZZrkVA_zeLAS17gBInkME_2gRqZnxq8Fm8bhs_0E5gR8SU8-XocEV4/s320/2012_12$largeimg207_Dec_2012_170435960.jpg)
එසේම අවස්ථා 3 කදීම මේ කිරුළ දිනාගත් කත්රිනා කයිෆ් මෙවර පත්ව සිටින්නේ තුන්වැනි ස්ථානයට ය. බොලිවුඩ් සිනමාව තුළ තවමත් අංක එකේ රැඳී සිටින කරීනා කපූර් දෙවැනි ස්ථානයට ඇද දමන්නට තරම් හේතු වූ කරුණු කිහිපයක්ම ඊස්ටර්න් අයි සඟරාවේ කර්තෘ අස්ජාඩ් නසීර් පෙන්වා දී තිබේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWHiF-_E0uhv-mES4OLsvr6fQRQKku83clCnXTAlH4O7bZGwBU8OmFr4wBj4bc14V-vuzbnjYIidBxK0zIfbteKzDqzqJxcRh6nGPkpGVDoitPlWh49aQ9g5jx6PXHSjYyEbUQW2JfuFQ/s320/4.jpg)
“මාව ඉතාමත් ඉහළින් වර්ණනා කර තිබෙනවා. කවුද අකමැති මෙවැනි කිරුළකට නම් වෙන්න. මා වෙනුවෙන් ඡන්දය දැමූ හැමදෙනා වෙනුවෙන්ම කෑ ගසා ස්තූතිය ප්‍රකාශ කරන්න මම කැමතියි” පි‍්‍රයංකා කියයි.
“අග්නීපත්”, “තේරී මේරී ඛානි” සහ “බර්ෆි” යන චිත්‍රපට ඔස්සේ 2012 වසරේ සාර්ථක ගමනක් පැමිණි පි‍්‍රයංකාට වසර ගෙවී යන මොහොතේදී හිමි වූ මේ කිරුළ 2013 වසර සඳහා මනා අඩිතාලමක් සකස් කර තිබෙන බව විචාරකයින්ගේ අදහස වී තිබේ. ඊස්ටර්න් අයි සඟරාවේ කතුවරයාගේ වචනයෙන් කිවහොත් මේ කිරුළ දිනාගැනීම මගින් 2013 වසරේදී හොලිවුඩ් තරුවක් වීමේ පි‍්‍රයංකාගේ සිහිනය සැබෑ කර ගැනීමට අඩිතාලමක් වැටී ඇත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh74sCviL_rC1Xsx4td_l4dQRMszGMLsBMc4lZTQR40DWq0xm9DEhMiAro224OgnWQ48tXcOTEJMnOLwxc4GHicotIJBlZsmjcNF6HQwy4sZ7eobKep3aW-GiOAxdemiFJopJ6An_2nazM/s320/download.jpg)
“හින්දුස්ථාන් ටයිම්ස්” පුවත්පතට තීරු ලිපියක් ලියන පි‍්‍රයංකා එමඟින් ඉන්දීය කාන්තාව වෙනුවෙන් හඬක් නඟමින් සිටින්නීය. “මම පෞද්ගලිකත්වය ඉහළින්ම අගය කරන කෙනෙක්. මම කවදාවත් හිතුවේ නැහැ මගේ හැඟීම් පැහැදිලිව විස්තර කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් පුදුමයකට වගේ මම ලියන්න පටන් ගත්තහම මගේ අභ්‍යන්තර සිතිවිලි එළියට ගන්න මට පුළුවන් වෙලා තියෙනවා” පි‍්‍රයංකා කියයි.
එම තීරු ලිපි සඳහා ලැබෙන පේ‍්‍රක්ෂක ප්‍රතිචාර සහ යොමුකෙරෙන ප්‍රශ්න සඳහා ද ඇය පිළිතුරු සපයන්නේ “මේ ලිපි ලියන්නේ මමමයි කියන එක මගේ ප්‍රේක්‍ෂකයින්ට සනාථ වෙන්න ඕනේ. ඔවුන්ගේ ලිපි කියවා පිළිතුරු දෙන්නෙත් මම කියන එක ඔවුන්ට අවබෝධ කරවන්න මට ඕනේ” යැයි පවසමිනි. සමාජ ගැටලු කුමක් පිළිබඳ ඇය කතා බහ කළද තම පෞද්ගලික ජීවිතය පිළිබඳ කතාබහ නොකර සිටීමට ඇය වගබලාගෙන තිබේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIVBVC3cpFfDKWFtRBZw7HY-3Bp0Gq7ZxG7yMnSLZwMy_-MlSrkOK7lyNryAyKaCC-kRQ9WxnaRsO1K4lf-4c6EzA2SZODE-v_aZ38ajAr2NnUDQeh1jjzzO9_tF87RQg92QOtavJt2zY/s1600/images+(1).jpg)
“මම මෙතෙක් නොකළ සහ කවදාවත් නොකරන දෙයක් තමයි මගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කිරීම” වරෙක ට්විටර් හරහා ඇය ප්‍රකාශ කර තිබිණි. මේ නිසාම ෂාහිඩ් කපූර් සහ පි‍්‍රයංකා අතර ඇත්තේ කුමනාකාරයේ බැඳීමක් ද යන්න පිළිබඳ දැනගැනීමට ඇගේ රසික රසිකාවියන් දෑස් දල්වා බලා සිටිය ද ඵලක් නොවනු ඇත.
පි‍්‍රයංකා මේ දිනවල අභියෝගාත්මක චරිතයක් වෙනුවෙන් සූදානම් වෙමින් සිටී. ඒ මෙතෙක් ඉන්දියාව බිහිකළ හොඳම බොක්සිං ක්‍රීඩිකාව වන මේරි කොම් ගේ කතා පුවත පදනම් කර ගනිමින් නිර්මාණය කෙරෙන චිත්‍රපටයේ ප්‍රධාන චරිතයයි. එහි අඩිතාලම සකස් කර ගැනීම වෙනුවෙන් මේරි කොම් හමුවූ පි‍්‍රයංකා, මේරි ලබා දුන් පිළිතුරු හරහා තරමක් අසීරුතාවකට පත්වූවාය. 2012 ඔලිම්පික් උළෙලේ කාන්තා බොක්සිං ලෝකඩ පදක්කම ඉන්දියාවට දිනා දුන් මේරි කොම් උදෑසන 04 ට අවදි වීමත්, පැය 3 කට ආසන්න කාලයක් ව්‍යායාම්වල නිරතවීමත් පි‍්‍රයංකාට ගැටලුවකි.
“මම වැඩිය ව්‍යායාම් කරන කෙනෙක් නෙවෙයි. මම ජිම් එකකට යන්නේ නැති තරම්. ඒත් මේ චරිතය වෙනුවෙන් මේරි තරමට මම ශරීරය හදාගන්න ඕනේ. ඒ තරම් ශක්තිමත් වෙන්න ඕනේ. නිවැරදි බොක්සිං චලන ඉගෙන ගන්නත් ඕනේ. ඒ නිසා ඇත්තටම මම ඉන්නේ තරමක් තැතිගැන්මකින්” පි‍්‍රයංකා කියයි.
එහෙත් පි‍්‍රයංකා යනු අභියෝග ජයගන්නා තරුණියකි. ඒ අනුව මේ අභියෝග ද ඇය සාර්ථකව ජය ගනු ඇත. සංජේ ලීලා භන්සාලි ගේ නිෂ්පාදනයක් ලෙසින් එළිදැක්වීමට නියමිත එම චිත්‍රපටය රිදී තිරයට පැමිණෙන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් වී නැත. එහෙත් ඩොන් වැනි ක්‍රියාදාම චිත්‍රපට සඳහා දායක වූ ඇයට මේ අභියෝගය ද ජය ගැනීමට හැකිවනු ඇති බව විචාරක අදහස වී තිබේ.
Time of india ඇසුරිනි