අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් මැදවච්චිය පොලිස් වසමේ හොරොව්පතාන මාර්ගයේ කනදරා දිවුල් වැව ප්‍රදේශයට ලා කොළ පැහැති වර්ෂාවක් පතිත වූ බව එම ප්‍රදේශයේ පදිංචි කරුවකු වන පී.ආර්.එස්.රණතුංග මහතා පැවසීය. ඉකුත් (28) වන දා 2 ත් 2.30 අත් අතර කාලය තුළ දී විනාඩි පහක පමණ කාලයක් මෙම වර්ෂාව ඇද හැළුණු බවත් නිවසේ වහලයෙන් වැටෙන ජලය එක් රැස්කිරීම සඳහා තබා තිබූ බේසමකට මෙම ජලය පිරී තිබූණු බවත් පරික්ෂණ කටයුතු වලට ලබා දීමට එම ජලය බෝතලයක රැස්කර තිබෙන බව මැදවච්චියෙ පදිංචි ඉලෙක්ට්‍රොනික් කාර්මිකයෙකු වන පී.ආර්.එස්. රණතුංග මහතා පැවසීය. පසුගිය 26,27, යන දිනවල දී කහටගස් දිගිලිය, හොරොව්පතාන, තිරප්පනය, අනුරාධපුර යන පොලිස් වසම් කිහිපයක ගම්මාන රැසකට තද කහ, ලා කහ වර්ෂාවත් පතිත වූ බවටද වාර්තා විය.
මේ අතර මාතලේ ඕවිල්ල ප්‍රදේශයට කොළ පාට වැස්සක් වැටුණු බව ප්‍රදේශ වාසීන් කියති. ඉකුත් 28 දා මෙන්ම 29 දා දිනයේ දී ද කොළ පාට වැස්සක් ඇත හැලුණු බව වාර්ථා විය