පැන්ඩෙකුගේ රුව සහිත ශ්‍රී ලංකා ජාතික කොඩියක් , SRI LANKA PANDA FLAG

ජාතික කොඩිය මැදට පැන්ඩෙකුගේ රූපයක් යොදා මුද්‍රණය කරන ලද නත්තල් සුබපැතුම්පත් තොගයක් ගල්කිස්ස තැපැල් හලෙන් ජපානයට තැපැල්කිරීමට පැමිණි ජපන් ජාතිකයෙකු සමග සුබපැතුම් පත් 44ක් ගල්කිස්ස පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.


10 දින සවස මෙම ජපන් ජාතිකයා සුබ පැතුම්පත් තොගය තැපැල්කිරීමට පැමිණි අවස්ථාවේදී ගල්කිස්ස පොලිසියේ ජාතික රහස් තොරතුරු අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම ජපන් ජාතික සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.


සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු නැවතී සිටි ගල්කිස්ස ද සේරම්පාරේ පිහිටි හෝටලයක කාමරයක තිබී තවත් මෙවැනි සුබපැතිම්පත් පත් 120ක් සොයාගෙන ඇත.


මෙම සැකකරු පසුගිය 7 දින ලංකාවට පැමිණ ඇති අතර මෙරටට පැමිණෙන අවස්ථාවේ ජපානයේදී මෙම සුබපැතිම්පත් මුද්‍රණයකර රැගෙන ඇති බව ප්‍රශ්ණ කිරීම වලදී හෙලිවූ බව පොලිසිය පවසයි

සැකකරු මීට පෙරද මෙරටට පැමිණ රජය සමග සම්බන්ධ වී කටයුතු කර ඇති අයෙකු බව පැවසෙන අතර නීතිපති උපදෙස් ලබාගෙන ඉදිරිපියවර ගන්නා බව ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරී එම්.ජයලත් මහතා පැවසීය


Gossip Lanka Hot News Previous News Archive