ආසනික් හදන්නේ රතු වැස්ස හරහා පිටසක්වල ජීවියෙක්, Sri lanka Red rain

රතු වැස්සේ ජල සාම්පල වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී එහි බහුලව ආසනික් හා රිදී අඩංගු බවට තහවුරු වූ බව ජාතික තාක්ෂණික ආයතනයේ පවසයි.

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක ඇද හැලූණු රතු වැස්සේ ජල සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් පරීක්ෂාවට ලක් කළ බවත් ඉන් අනතුරුව වැඩිදුර පරීක්‍ෂණ සඳහා නනෝ තාක්ෂණික ආයතනයේදී පරීක්ෂණ සිදු කළ බවත් ඔහු සඳහන් කළේය.


එහිදී ජල සාම්පලවල මෙතෙක් හමු නොවූ ක්ෂුද්‍ර ජීවි විශේෂයක් වූ ට‍්‍රැපොලිමොනාස් ඇල්ගී කාණ්ඩයක් සිටින බවට තහවුරු වූ බවත් ඊට සති හතරකට පසුව තාක්ෂණික ආයතනය මගින් කරන ලද මෙම පරීක්ෂණ වලදී ආසනික් හා රිදී ඇති බවට තහවුරු වූ බවත් මුලින් ආසනික් නොතිබුණු අතර පසුව ආසනික් හා රිදී ඇති වූයේ කෙසේද යන්න සොයා බැලීම අත්‍යවශ්‍ය බවත් ඔවුන්ු අවධාරණය කරයි.

මෙම ඇල්ගී විශේෂය විසින් ආසනික් හා රිදී නිෂ්පාදනය කළ බවට සැක කරන බවත් පිටසක්වල ජීවියකුගේ කි‍්‍රයාවලියක් විය හැකි බවට උපකල්පනය කරන බවත් එම ප‍්‍රකාශකයා පැවසීය.

මේ පිළිබඳව ජේ්‍යෂ්ඨ විද්‍යාඥයකුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ලෝකයේ මෙතෙක් කිසිම ජීවියකු ආසනික් නිෂ්පාදනය කළ බවට තහවුරු වී නොමැති බවයි. ඒ හේතුවෙන් මේ පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීම වැදගත් බව ඒ විද්‍යාඥයා පැවසීය.


Gossip Lanka Hot News Previous News Archive