ලාකේය සංගීත ක්ෂේත්රයට මහඟු මෙහෙවරක් කරමින් දෙස් විදෙස් සම්භාවනාවට පාත්‍ර වූ විශාරද පණ්ඩිත් අමරදේවයන් අද සිය 85 වැනි ජන්ම දිනය සැමරී ය.
ඔහුගේ බිරිඳ වන විමලා අමරදේව මහත්මියගේ 78 වැනි ජන්ම දිනය ද අදට යෙදී තිබීම විශේෂත්වයකි.
අද දින ජන්ම දිනය සමරන අරදේව යුවළට සුබපැතීම සඳහා බොහෝ පිරිසක් අද පෙරවරුවේ ඔවුන්ගේ නිවසට පැමිණියහ.
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා ද අමරදේව යුවළට සිය සුබ පැතුම් එක් කළේය.
1927 වසරේ දෙසැම්බර් 5 වැනිදා උපන් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්, සය දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ය.
කුඩා අවදියේ සිටම සංගීතයට සිත් බැඳුණු ඔහු සිය මධුර ස්වරය ජාත්‍යන්තරයටද තිළිණ කරමින් ශ්‍රී ලංකාවට අත්කර දුන්නේ ඉමහත් කීර්තියකි.
දෙස් විදෙස් සංගීත ක්ෂේත්‍රෙය් අමරණීය සලකුණක් තැබූ පණ්ඩිත් අමරදේවයන් චිත්‍රපට රැසකට ද පසුබිම් ගායනයෙන් සිය දායකත්වය සැපයා තිබේ.