ප්‍රදේශ කිහිපයකට අදත් කහ වැසි - sri lanka yellow Rain

පසුගිය දින කිහිපයේ සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් රතු වැසි සහ කහ වැසි වාර්තා වූ අතර එහි ආසන්නතම සිද්ධිය අද පෙරවරුවේ මින්නේරිය ප්‍රදේශයෙන් වාර්තා විය.

අද පෙරවරු 8.30 ට පමණ මින්නේරිය දහසය හමාර ප්‍රදේශයට කහ වැස්සක් ඇදහැළුණු බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කළහ.

ඔවුන් පැවසුවේ විනාඩි 15 ක පමණ කාලයක් කහ වැස්ස පතිත වූ බවය.


ඊට අමතරව ශාවස්තිපුර, තිරප්පනේ, මරදන්කඩවල, හොරොව්පතාන සහ කැකිරාව ලබුනෝරුව යන ප්‍රදේශවලට අද පෙරවරුවේ කහ වැස්සක් ඇදහැළුණු බව වාර්තා විය.

තවත් කහවැස්සක් පිළිබඳ තොරතුරු පෙරේදා වාර්තා වුණේ මැදිරිගිරිය යාය 9 ප්‍රදේශයෙනි.

අනුරාධපුර ප්‍රදේශ කිහිපයකින් ද එවැනිම කහ වැස්සක තොරතුරු වාර්තා විය.

මේ අතර සෙවනගල ප්‍රදේශයට ඇද වැටුණු රතු වැස්සසෙන් ලබාගත් සාම්පලවල ඇති ජිවින් තවදුරටත් සජිවි තත්ත්වයෙන් පසුවන බව මුලික පරික්ෂණවලදී හෙළි වී තිබේ.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා සඳහන් කළේ, එම සාම්පල රැගෙන ගොස් පර්යේෂණ සිදුකරන බකින්හැම් විශ්වවිද්‍යාලයේ තාරකා ජිව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චද්‍රා වික්‍රමසිංහ මහතා තමන්ට ඒ පිළිබඳ ඊයේ දුරකතනයෙන් දැනුම් දුන් බවය.


-සබැදි පුවත්-

Gossip Lanka Hot News Previous News Archive