ගුවන් විදුලිය රජයේ රෙදි හෝදන ලොන්ඩරියක් වෙලා ..Sri Lankan Government's laundry

එක්සත් භික්ෂු පෙරමුණ මාධ්‍ය හමුව

එක්සත් භික්ෂු පෙරමුණ අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.එහිදී අදහස් දක්වමින් එහි ලේකම් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් මෙසේ පැවසීය.
"ගුවන් විදුලි සංස්ථාවේ වංචා මේ වෙනකොට නව කෝටි හැටහත් ලක්ෂ හැත්තෑ පන්දහස් අටසිය තිස්හරක් කියලා 2009/2010 කෝප් වාර්තාවේ සදහන් වනවා. ආසියාවේ පළවෙනි ගුවන් විදුලිය ඇරඹුනේ 1925 දෙසැම්බර් මාසේ 16වැනිදා දිනයි කොළඹදි. අදින් අවුරුදු 87කට පෙර අද එය ටොරින්ටන් පචමෝල බවට පත්වෙලා තියෙනවා ලොන්ඩරියක් වගේ රජයේ සියලුදෙනාගෙම රෙදි හෝදන අතුල්ලන ලොන්ඩරියක් බවට පත්වෙලා තියෙනවා ගුවන් විදුලි සංස්ථාව. මේකේ සභාපතිවරයා උදේට උන්බෑ කියනවා.

 තප්පුලනවා කිසිදු වැදගත්කමකින් තොරව රටේ ජනතාවට බුද්ධිමත් භික්ෂූන් වහන්සේලාට අපහාස කරනවා අගෞරව කරනවා. පිස්සෙක් වගේ මුළු මහත් සමාජයටම අපහාස කරමින් මහජන මුදල් නාස්ති කිරිම පිළිබඳව එක්සත් ජාතික
භික්ෂු සංවිධානය බලවත් අප්‍රසාදය පල කරන්න කැමතියි. මේක පුද්ගලික බූලදයක් හැටියටයි අදින් වසර 87කට පෙර මේ රටේ ජනතාව ගුවන් විදුලි සංස්ථාව පරිහරණය කරන්නේ. සේවාදායක ලිපිගොනු 18ක් අස්ථානගත කරලා තියෙනවා. අස්තනාගත කරපු ලිපිගොනු 18න් එහි එකතු කරපු වටිනාකම තුන් කෝටි අසූ එක් ලක්ෂ හැත්තෑ දහස් විසි හතක්. කෝප් වාර්තාවෙන් හෙලි කරන මේ ගිණුම් පිළිබඳව කිසිකෙනෙක් අවධානය යොමු කරන් නෑ"


Gossip Lanka Hot News Previous News Archive