කථානායකට දුන්නේ කමිටු වාර්තාවක් නොව රජ පවුලේ වාර්තාවක් -Tilvin Silva, JVP Secretary

 විශේෂ කාරක සභාව ඉදිරිපත් කළේ කමිටු වාර්තාවක් නොව රජ පවුලේ වාර්තාවක් බවත් රාජපක්ෂ පවුල වෙනුවෙන් ඕනෑම දෙයක් කරන, රජපවුල වෙනුවෙන් වළං හෝදන මුර වැඩේ කරන අය ලව්වා ඉදිරිපත් කළ වාර්තාවක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ පැලවත්ත බත්තරමුල්ල පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (09) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.


එහිදී ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් පහත පළවේ.

"ආණ්ඩුව අගවිනිසුරුවරියට එරෙහිව ගෙනා දෝෂාභියෝගය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් සකස් කළ ලියවිල්ලක් පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට බාරදීලා ඒ පිළිබඳ කි‍්‍රයාවලිය අවසන් කරන්න උත්සාහ කරමින් ඉන්නවා. මෙය ඉතා බරපතල කාරණයක්. අපේ රටේ යන්තමින් හෝ ඉතිරි වෙලා තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි කරලා දාන්න තමයි ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නේ. මෙම කමිටුවට සහභාගී වුණු ආණ්ඩුවේ ඇමතිවරු මාධ්‍ය හමුවලට ඇවිත් තමන්ට අවශ්‍ය දේවල් කියමින් මෙම ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී කි‍්‍රයාව සාධාරණීකරනය කරන්න හදනවා. ඒ නිසා දෝෂාභියෝගය සම්බන්ධව අපේ රටේ ජනතාව නැවත වතාවක් කරුණු දැනගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා.

අගවිනිසුරුවරියට මෙම දෝෂාභියෝගය ගෙන ඒම අහම්බයක් ලෙස සිදුවූ දෙයක් නොවෙයි. මහින්ද රාජපක්ෂ ඇතුලු පවුලේ උදවියත් ආණ්ඩුවත් ගෙන යන මෙම අත්තනෝමතික පාලනයට, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තලාගෙන යන, ඒකාධිපතිවාදය තහවුරු කරන පවුල් පාලනයට බාධාවන ආයතන ඩෝසර් කරගෙන යෑමේ කි‍්‍රයාවලියේ ප‍්‍රතිඵලයක් ලෙස තමයි මෙම දෝෂාභියෝගය එන්නේ. නැතුව මෙය ආණ්ඩුව විසින් සිදුකරන රාජ්‍ය ආයතනය රජයේ නිලධාරීන් හෝ මෙම පාලන තන්ත‍්‍රය සුද්ධ පවිත‍්‍ර කිරීමට ගෙන යන කි‍්‍රයාවලියක් නෙවෙයි. එසේ පවිත‍්‍ර කරනවානම් මුලින්ම කළ යුතුව තිබෙන්නේ තමන්ගේ පවුල, පාර්ලිමේන්තුව, ඇමතිමණ්ඩලය සුද්ධ පවිත‍්‍ර කිරීමයි. පටන් ගන්න ඕනෑ එතැනින්. මොකද රාජපක්ෂ පවුලේ, පාර්ලිමේන්තුවේ, ඇමති මණ්ඩලයේ ඇතිතරම් චෝදනා ලබපු අය, මහජන මුදල් කොල්ල කාපු අය ඉන්නවා.

අගවිනිසුරුවරිය දණගස්වන්න බැරිවුණ නිසා තමයි ආණ්ඩුව මෙම දෝෂාභියෝගය ගෙනාවේ. ආණ්ඩුව හිතුවා දෝෂාභියෝගය ගෙනාවාම එතුමිය ඉල්ලා අස්වෙයි කියලා. නමුත් අගවිනිසුරුවරිය උත්තර බඳින්න, කරුණු පැහැදිලි කරන්න ගිය නිසා ආණ්ඩුවට එය විභාග කරන්න සිදුවුණු මට්ටමට ආවා. එනිසා ඉතා පැහැදිලියි මෙම දෝෂාභියෝගය කරළියට එන්නේ අධිකරණය විසින් දුන් තීන්දු කිහිපයක් නිසා. රාජපක්ෂ විසින් පවත්වාගෙන ගිය ව්‍යවස්ථාවිරෝධී, ජනතා විරෝධී, ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී පාලනයට අධිකරණය විසින් දුන් තීන්දු බාධාකළ නිසා මෙම දෝෂාභියෝගය ගෙනාවා. ආණ්ඩුව තමන්ට බාධාකරණ සියල්ල තලාගෙන යටපත් කරගෙන යන පාලයක් ගෙනියමින් ඉන්නවා. එවැනි ආයතන පුද්ගලයන් බියවද්දලා, යටපත් කරන්න උත්සාහ කරමින් ඉන්නවා.

දෝෂාභියෝගය ගෙනාවට පස්සේ එයින් සිදුවන බරපතල අනතුර හමුවේ ජනතා විමුක්ති පෙරමුණ තීරණය කළා පාර්ලිමේන්තු කාරක සභාවට සහභාගී වෙන්න. නැතිනම් මෙම පාර්ලිමේන්තු කාරක සභාවෙන් සාධාරණයක් හෝ යුක්තියක් ඉටුවේවි කියලා හිතපු නිසා නොවෙයි. මෙම කමිටුව පත්කරලා මාසයක් පමණ වෙනවා. එම කමිටුවේ යුක්තියක්, සාධාරණයක් තිබුණේ නැහැ. කලින් ගත් තීන්දුවක් ප‍්‍රකාශයට පත්කිරීමට පමණයි එම කමිටුවට තිබුණේ. තීරණය ගත්තේ රජපවුලෙන්. කමිටුව නෙවෙයි. ආණ්ඩුව හිතුවා විපක්ෂයත් මෙම තීරණයට එකතු කරගත්තොත් හොඳයි කියලා. නමුත් අඩුම ගානේ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ හ`ඩට ආණ්ඩුව ඇහුම්කන් දුන්නේ නැහැ. විපක්ෂය නියෝජනය කළ මන්ත‍්‍රීවරු කීප සැරයක් කමිටුවෙන් ප‍්‍රශ්න කළා සාක්ෂි ඉදිරිපත් කරන්න සකස් කළ නාමලේඛනය ලබාදෙන්න කියලා. ඒ වගේම දෝෂාභියෝගය විමර්ශනය කරන ක‍්‍රමවේදය පැහැදිලි කරන්න කියලා. නමුත් යම් යම් දේවල් කියමින් ආණ්ඩුව විසින් එය මගහැරියා. ඒ වගේම අගවිනිසුරුවරියගේ නීතිඥයින් විසින් ද එම කරුණු දෙක සම්බන්ධයෙන් විමසීමක් කර තිබුණා. නමුත් ඔවුන්ට පැහැදිලිකිරීමක් ලබාදුන්නෙත් නැහැ.

මෙම කමිටුවට පැහැදිලි කරන්න ක‍්‍රමවේදයක් තිබුණේ නැහැ. කමිටුව නාමයෙන් රැුස්වීම් තියලා අපහාස කරලා, අගවිනිසුරුවරිය ඉල්ලා අස්වෙන තත්වයට පත්කරන්නයි ආණ්ඩුවට අවශ්‍ය වෙලා තිබුණේ. අගවිනිසුරුවරිය ඇත්තටම වැරද්දක් කරානම් ආණ්ඩුවට තිබුණා එය උපරිම සාධාරණ ලෙස විභාග කරන්න. ඒක කමිටුව ඇතුලේ කරන්න තිබුණා. රට ඉස්සරහා නෙවෙයි. නමුත් ආණ්ඩුව විපක්ෂයට ඒ ගැන කතා කරන්න එපා කියලා ආණ්ඩුව කළේ අයි. ටී. එන්., ජාතික රූපවාහිනිය ඇතුළු තමන්ගේ මාධ්‍ය පාවිච්චි කරමින් මේ ගැන සාකච්ඡුාවට ලක්කිරීමයි. අගවිනිසුරුවරියට එරෙහිව මඩ පත‍්‍රිකා මුද්‍රණය කළා. පෝස්ටර් ඇලෙව්වා. තමන්ට හිතවත් පිරිස් කැඳවලා උද්ඝෝෂණය කළා. ඒ අතරේ මර්වින් සිල්වා කිව්වා අගවිනිසුරුවරියට ඉල්ලා අස්වෙන්න කියලා. මර්වින් සිල්වා කියනකොට අගවිනිසුරුවරිය ඉල්ලා අස්වෙනවනම් මොකටද කමිටුවක්. වැඬේ මර්වින් සිල්වට බාරදෙන්න තිබුණා.

අගවිනිසුරුවරියට කිසිම සාධාරණත්වයක් තිබුණේ නැහැ. කෙසෙල් කැනක් හොරකම් කරපු හොරාටත් නිදහසට කරුණු කියන්න අවස්ථාවක් ලබාදෙනවා. නමුත් රටේ අගවිනිසුරුවරියට තමන්ට එරෙහිව නැගෙන චෝදනාවලට පිළිතුරු දෙන්න අවස්ථාවක් ලබාදෙන්නේ නැහැ. මේ නිසා අගවිනිසුරුවරියට එම කි‍්‍රයාදාමයට විරෝධය පළකරමින් කමිටුවට සහභාගී වීම අත්හැර දැමීමට සිදුවුණා. ඒ අවස්ථාවේදී විපක්ෂය නැවත සාකච්ඡා කරලා සාධාරණ කි‍්‍රයාදාමයක් පවත්වාගෙන යන්න උත්සාහ කළා. නමුත් එය කමිටුව විසින් ප‍්‍රතික්‍ෂේප කළා. ඒ හේතුවෙන් විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් හතර දෙනා කමිටුවෙන් ඉවත්වීමට තීරණය කළා. ජවිපෙ කමිටුවෙන් ඉවත් වුණේ රාජපක්ෂලා විසින් ගත්තු තීරණයකට සීල් එක තියන්න අත්සන් කරන්න අපට ඕනකමක් නැති නිසා.

විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් ඉවත් වුණාම ආණ්ඩුව එය වාසියට හරවාගත්තා. ආණ්ඩුව 07 වෙනිදා රාත‍්‍රියේ තමන්ගේ කමිටු සාමාජිකයින් බලහත්කාරයෙන් නවත්වාගෙන තීරණ අරගෙන වාර්තාව සකස් කරලා ඉවර කළා. හිල්ටන් එකෙන් කෑම ගෙනල්ලා කාලා, පාන්දර වෙනකම් නිදිමරාගෙන මෙම වාර්තාව හැදුවා. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මෙවැනි වාර්තාවක් මේ තරම් ඉක්මනට හදලා ඉවරකළේ. ජනතාව වෙනුවෙන් කරන වැඩපිළිවෙලකට නම් ආණ්ඩුවට මේ තරම් උවමනාවක් නැහැ. නමුත් මෙය කමිටු වාර්තාවක් නෙවෙයි. මේක රජපවුලේ වාර්තාවක්. රාජපක්ෂ පවුල වෙනුවෙන් ඕනෑම දෙයක් කරන, රජපවුල වෙනුවෙන් වළං හෝදන මුර වැඩේ කරන අය ලව්වා ඉදිරිපත් කළ වාර්තාවක්. එනිසයි මෙතරම් කඩිමුඩියේ මේ පරීක්ෂණ කරලා ඉවර කරන්නේ. ආණ්ඩුව සාධාරණ පරීක්ෂණයක් කරන්න බයයි. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සමාගමට කතාකරලා බලපෑම් කරන්නේ එතුමියට ඉල්ලා අස්වෙන්න කියන්න කියලා.

අපේ රට බරපතල තැනකට පත්වෙලා තිබෙන්නේ. අපි කැමති නෑ මේ ප‍්‍රශ්නය හුදකලා කරලා ගන්න. මෙය ශිරානි බණ්ඩාරනායක මහත්මියට හෝ අධිකරණය සම්බන්ධයෙන් පැන නැගුණ ප‍්‍රශ්නයක් නෙවෙයි. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි කරන, වළපල්ලට යවන එක සම්බන්ධ ප‍්‍රශ්නයක්. එනිසා මේ වෙනුවෙන් පෙළ ගැහෙන්න දේශපාලන පක්ෂ ගැන හිතන්න ඕන නැහැ. මෙය අනාගතයේ අපේ රට හුමුණ දෙන්න යන මහා ඛේදවාචකයක පෙරමඟ ලකුණු කියලා හිතලා එය පරාජය කරන්න පෙළ ගැහෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා.

මහින්ද රාජපක්ෂ තමන්ගේ දෙවන ධූර කාලය ආරම්භ කළේ යම්කිසි සැලසුමක් ඇතිවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තළලා, පොඩි කරලා අධිරාජ්‍යවාදයට අවශ්‍ය පරිදි රට පාලනය කරන්න, ඒකාධිපති පාලනයක් ගෙන යන්න තමයි ඔහු උත්සාහ කරමින් ඉන්නේ. 2010 ජනාධිපතිවරණයේ සිට සිදුකළේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩ. පාර්ලිමේන්තුවේදී තමන්ට අයිති නැති නීති විොර්ධී ලෙස මන්ත‍්‍රීවරුන් මුදලට ගෙන අල්ලස් දීලා 2/3කේ බලයක් ගොඩ නගා ගත්තා. එම 2/3කේ බලය පාවිච්චි කරලා ජනාතා විරෝධී ව්‍යවස්ථාව වෙනස් කරනවා වෙනුවට යන්තමින් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා වීමට තිබුණා 17 වෙනි සංශෝධනයේ ස්වාධීන කොමිසන් ටිකත් අහෝසි කරලා තම්න්ට ඕන 18වෙනි ව්‍යවස්ථාව සම්මත කරගත්තා. තමන්ට චිරාත් කාලයක් බලයේ ඉන්න අවස්ථාව හදාගත්තා. දැන් මහින්ද රාජපක්ෂ ජනතාවට, ජන බලයට බය නැහැ. ඔහු කල්පනා කරන්නේ අහස, මුහුද, ගොඩබිම, පාර්ලිමේන්තුව, අධිකරණය තමන් යටතට ගන්න. අධිකරණයත් තමන් යටතට පත්කරගන්න ගියාට පසුව තමයි මේ ගැටුම නිර්මාණය වුණේ. මෙය ඉතා බලවත් ලෙස රටට හානි කරන කි‍්‍රයාවලියක්. අධිකරණයේ මළගම සනිටුහන් කරන්න මේ හදන්නේ.

දැන් අපේ රටේ පුරවැසියන්ට කිසියම් හෝ සාධාරණයක් ලබාගන්න තිබුණ අවස්ථාව අහිමි වෙනවා. අධිකරණයට ගොස් තමන්ට නීතියේ පිළිසරණ පතන්න සාධාරණත්වය ඉල්ලා සිටින්න අවස්ථාව අහිමි වෙනවා. අපේ රටේ ජනතාවට ජනාධිපතිවරයාගෙන් හෝ පාර්ලිමේන්තුවෙන් සහනයක් නැහැ. ඉතිරිවෙලා තිබුණේ අධිකරණය පමණයි. 18වෙනි සංශෝධනය සම්මත කරන විට ජවිපෙ කිව්වා එහි බරපතලකම ගැන. නමුත් සමහරු එය පිළිගත්තේ නැහැ. නමුත් දැන් තේරුම් ගනිමින් ඉන්නවා එහි බරපතලකම ගැන. මේ අවස්ථාවේදිත් එහෙමයි. මෙම කි‍්‍රයාවලියේ බරපතල කම තේරුම්ගන්න මාස කිහිපයක් යයි. නමුත් එවිට නිවැරදි කරන්න බැරි තත්වකට රට පත්වෙන්න පුළුවන්.

අනෙක් පැත්තෙන් මේ ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් රටට හානි කරමින් ඉන්නවා. අධිරාජ්‍යවාදීන්ට රටට මැදිහත් වෙන්න අවශ්‍ය අවස්ථාව සලසා දෙමින් ඉන්නවා. දේශපේ්‍්‍රමය ගැන කතා කරන, දේශපේ‍්‍රමී ඔලූබක්කෝ දාගෙන ඉන්න මේ ආණ්ඩුවත් මහින්ද රාජපක්ෂත් අධිරාජ්‍යවාදී බලපෑම්වලට වගඋත්තරකාරයෝයි. පසුගියදා ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවේදී ලංකාවට එරෙහිව යෝජනා සම්මත වුණා. එයින් ලංකාවේ එල්. එල්. ආර්. සී. නිර්දේශ කි‍්‍රයාත්මක කරන්න කියලා නිර්දේශ ආවා. එහෙම වෙලාවක ආණ්ඩුව අධිරාජ්‍යවාදී බලපෑම් පරද්දන්න කටයුතු කළ යුතුයි. නමුත් අධිකරණයට අත තියලා අධිකරණය ඩෝසර් කරලා දැම්මාම අධිරාජ්‍යවාදය ලංකාවේ නීතිය අධීකරණය පිළිගන්නේ නැති තත්වයකට පත්වෙනවා. ඔවුන්ට මැදිහත් වෙන්න ඕනකරන අවස්ථාව සලසා දෙමින් ඉන්නවා මේ ආණ්ඩුව.

ආණ්ඩුව කරමින් ඉන්නේ දේශපාලන මෝඩකම්, තකතීරුකම්, ගොන්කන්. ආණ්ඩුව සෙල්ලම් කරමින් ඉන්නේ මේ රටේ අනාගතයත් එක්ක. පෞද්ගලික පලිගැනීම් කරන්න ගිහින් අනතුරට පත්වෙන්නේ රටයි ජනතාවයි. ඒවට මෝඩ චූන් වෙලා උදව් කරන ඇමතිවරු පිරිසකුත් ඉන්නවා. අතීතයෙත් හිටියා. ඒ අය තමයි කිව්වේ "මැතිනිය ඔබ කියනවයනම් පිදුරු උනත් අපි කන්නම් කියලා" ඒ වගේ පරිසක් දැනුත් ඉන්නවා. ඒ අය තමයි රාජපක්ෂගේ කීම අහලා අගවිනිසුරුවරියට අපහාස කළේ. නින්දා සහගත ලෙස කතා කළේ.

ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් දෙගිඩියාවක නැහැ. හරි ස්ථාවරයක ඉන්නවා. පුද්ගලයින් ආරක්ෂා කරන්න අපිට උවමනාවක් නැහැ. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්නවා. සටන අත්හරින්නේ නැහැ. ආණ්ඩුව හිතනවා දැන් ප‍්‍රශ්නය ඉවරයි කියලා. නමුත් එක හීනෙන් එළිවෙන්නේ නැහැ. අවසන් විනිශ්චය ලබාදෙන්නේ ජනතාවයි. ජනතාවටයි ඒ අයිතිය තිබෙන්නේ. ඒ වෙනුවෙන් ජනතාව දැනුවත් කරන්න ඕනෑ. මේ ආණ්ඩුව පිළිබඳ තීරණයක් ගන්න තැනකට පත්කරන්න ඕනෑ. මහින්ද රාජපක්ෂලා විසින් පවත්වාගෙන යන ක‍්‍රමය තමන් විසින්ම අර්බුදයට ලක්කරමින් ඉන්නවා. නීතිය වූ කලී පාලක පන්තියේ කැමැත්ත කියලා කියනමක් තිබෙනවා. ලංකාවේ නීතිය වූ කලී රාජපක්ෂවරුන්ගේ කැමැත්ත බවට පත්වෙලා.

මේ කමිටුව රාජපක්ෂ පවුලේ උවමනාව වෙනුවෙන් හදපු එකක්. එහිදී සකස් කරනු ලැබූ කමිටු වාර්තාව රාජපක්ෂ පවුලේ වුවමනාව වෙනුවෙන් හදපු එකක්. ජනතා විමුක්ති පෙරමුණ මෙම කමිටු වාර්තා පිළිගන්නේ නැහැ. එනිසා තමයි අපි කමිටුවෙන් ඉවත් වුණේ. අපි රටේ සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙම කමිටු තීරණ පිළිගන්න එපා කියලා. අගවිනිසුරුවරියට එරෙහි ගෙනාපු චෝදනා සම්බන්ධයෙන් සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න ඕනෑ. මේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවට එරෙහිව ජවිපෙ උද්ඝෝෂණ කළා. පති‍්‍රකා බෙදුවා. සම්මන්ත‍්‍රණ කළා. ඉදිරියටත් මේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ඒකාධිපති පාලනය පරාජය කරන්න අවශ්‍ය කරන සියලූ දේ කි‍්‍රයාත්මක කරනවා."

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සහ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කා‍න්ත මහතාද සහභාගීවූහ.

Gossip Lanka Hot News Previous News Archive