Dec142012

Twenty20 දෘෂ්‍යාබාධිත ලෝක කුසලානය ඉන්දියාවට

පන්දුවාර 20යි විස්ස දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට, සත්කාරක ඉන්දියාව අද සමත්විය.

ඒ අවසන් තරගයේදි පාකිස්ථානය ලකුණු 30කින් පරාජය කරමිනි.

බැංගලෝර්හිදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන්නේය.

ඉන්දීය 6වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 79කි.

කේතන් බායි පටෙල් ලකුණු 49ක් ලබා ගත්තේය.


පන්දුවාර 20 අවසානයේදි ඉන්දීය කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 258ක් රැස් කළේය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ පාකිස්ථානයේ පළමු කඩුල්ල සඳහා මොහොමඩ් අක්‍රම් අලි මුර්තාසා ගොඩනැගූ සබඳතාව ලකුණු 75කි.

පන්දුවාර 20 අවසානයේදි පාකිස්ථානය කඩුලු 9ක් දැවී ලකුණූ 228ක් රැස් කළේය.

Gossip Lanka Hot News Previous News Archive