ගාල්ල , තල්පේ ප්‍රදේශයේදී අද (05) දහවල් පාපැදියකින් යමින් සිටි ළමුන් දෙදෙනෙක් දුම්රියක ගැටී මරුමුවට පත් වී ඇත. මෙසේ මියගොස් ඇත්තේ හය හැවිරිදි දිසානායක මුදියාන්සේලාගේ නිවන් සත්සර නැමැති තල්පේ, අබේධාන විදුහලේ සිසුවෙක් සහ හීනටිගල ආරච්චිගේ රශ්මික මධුෂාන් නැමැති 11 හැවිරිදි තල්පේ සුගතානන්ද විදුහලේ සිසුවෙකි. වව්නියාවේ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජිණ සීග්‍රාගාමි දුම්රියේ මෙම සිසුන් දෙදෙනා පාපැදිය සමග ගැටී ඇත්තේ තල්පේ, පනන්දූව,78 පාරේ අනාරක්ෂිත දුම්රිය මාර්ගය හරහා යමින් සිටියදීය.
මෙම ළමුන් දෙදෙනාගෙන් කෙනෙකුට දෙමව්පියන් විසින් අළුතින් පාපැදියක් මිලදී ගෙන දී තිබේ. එම අළුත්ම පාපැදියේ නැගී ගමන් කරමින් සිටියදී අද පස්වරු 2ට පමණ මෙම අනතුර සිදු වී ඇත.