" පැවැත්වුවේ එක්සත් ජාතික පක්ෂ සම්මේලනයක් නෙවෙයි.ආණ්ඩුවේ අනුබද්ධිත පක්ෂ සම්මේලනයක් හැටියට තමයි පැවැත්වුවේ."මේකට පොලීසියේ හමුදාවේ නිලධාරීන් 1500 කට අධික ප්‍රමාණයක් ගෙනැල්ලා තිබුණා.ආණ්ඩුවේ පූර්ණ රැකවරණයක් එක්ක තමයි මේක පැවැත්වුවේ.අද ආණ්ඩුවකුයි විපක්ෂයකුයි නැහැ.දකුණු පළාත් සභා මන්ත්‍රී නීතීඥ මෛත්‍රී ගුණරත්න
අද විපක්ෂය ආණ්ඩුවට සම්බන්ධ වෙලා තියෙනවා.පක්ෂ සම්මේලනයට නීත්‍යනුකූලව එන්න තියෙන විශාල පිරිසක් බැහැර කරල තමයි පක්ෂ සම්මේලනය පවත්වෙලා තියෙන්නේ.ඒක නීති විරෝධීව කරලා තියෙවනවා කාල සීමාව දීර්ඝ කිරිම.අපි එතුමට අභියෝග කරනවා ජනාධිපතිකම අරගෙන දිනලා පෙන්වන්න.ඒක දිනන්න පුළුවන්නම් එක්සත් ජාතික පාක්ෂිකයෝ එතුමා වටේ එයි.නැත්නම් මේ නායකත්වයත් එක්ක ඉස්සරහට යනවා නම් පෝලිම්බූත් එකකටවත් මනුස්සයෙක් ඉස්සරහට දාන්න බැරිවෙයි කියන එක මතක් කරන්න කැමතියි "
එක්සත් ජාතික පක්ෂය සහ වෘත්තීය සමිති සුරුකීමේ ව්‍යාපාරයේ මහලේකම් ලාල් පෙරේරා
" ඊයේ රාත්‍රියේ ඉඳලා පුදගලයින් මේකට ඇතුළු කරලා මේකට එන අය බලහත්කාරෙන් තමයි මේ පක්ෂ සම්මේලනය පැවැත්වුවේ.අද එක්සත් ජාතික පක්ෂයේ ගමනක අවසානය අද රනිල් වික්‍රමසිංහ සිරිකොත මන්දිරයේ දී සනිටුහන් කළා.ඔහු ඉතිහාසයේ කිසිම දවසක මේ පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවන කෙනෙන් නෙමෙයි.මොහු එක්සත් ජාතික පක්ෂයෙන් පළිගන්න නායකයෙක්.අදත් මේ තමන්ට කඩේ යන නිවට නියාලු පිරිසක් ගෙනැල්ලා මේ රනිල් වික්රමසිංහව නැවත වරක් අවුරුදු හයකට දීර්ඝ කරගත්තේ.අපි කියන්න ඕනේ බොහොම අවධාරණයෙන් මේ අපරාධය වෙනුවෙන් අත උස්සපු හැම කෙනෙක්ම මේ අපරාධයට වගකිවයුතු නිලයක් දරපු හැම කෙනෛකුම රනිල් වික්‍රමසිංහ නායකත්වය තවදුරටත් අවුරුදු 6 ක් දික්කරන්න උදව් කරපු හැම පුද්ගලයෙකුම ඉතිහාසයේ මේ පක්ෂය පාවා දුන්නු ද්‍රෝහීන් හැටියට හංවඩු ගහනවා විතරක් නෙමෙයි ඔවුන්ගේ මිනීවලවල්වලටත් ශාප කරනවා කියන එක මම අද නිර්භයව කියනවා.අපි අපේ යුතුකම අවංකව ඉටු කළා "