ලංකා කේන්ද්‍රය බැලුවොත් නවයේ, තුලා රාශිය. තුලා රාශිය බැලුවොත් දැනට ඉන්නවා ඇවිල්ලා සෙනසුරු ග්‍රහයා. සෙනසුරු ග්‍රහයා කියන්නේ ලෝකෝත්තර ගුණ දෙන ග්‍රහයෙක් වුණාට, දුක් දෙන ග්‍රහයෙක්. සෙනසුරු ලෝකෝත්තරවාදීන්ට හොඳයි. ලෞකිකවාදීන්ට දුකයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiW5LyWxZMinMfy6hAuIB2krdJdwR5FFiOZ9vLZxcca96XyyfUdMu9J0wu8LrvgIQKfLAnbvDXopNfYbT13-Z6ObObxg8kP1SvCTTY6jDfNCakyXZPApKCfDe9285ENLbwqE0Ix37EB5FMI/s320/New+Picture+%283%29.bmp)
එතකොට මේ විනාශය නැඟෙනහිරින් පටන් අරගෙන එනවා දකුණු පළාතට. ඊට පස්සෙ තමයි අනිත් පළාත්වලට ව්‍යාප්ත වෙන්නේ.
මොකක්ද වෙන්නෙ?
මේ මිශ්‍රවීම තුල භූමිකම්පා සිදුවෙනවා. මුහුද පතුළෙ විශාල කැලඹිලි ඇතිවෙනවා. ඒ වගේම හිමාලයේ තියෙන අයිස් කඳුවැටි කඩා වැටිලා දියවෙලා විශාල වශයෙන් මුහුදට වතුර එකතු වෙනවා. ඒ නිසා මුහුද පිටාර ගලනවා.ඒ වගේම එක පැත්තකට නියං සාය ඇතිවෙනවා. ඒ රාහුගේ බලපෑමෙන්. ගිනිගැනීම් සිද්ධ වෙනවා. මේක විශේෂයෙන්ම නැඟෙනහිර, රජරට වගේ පළාත්වලට බලපානවා. දකුණටත් යම් බලපෑමක් වෙනවා. මේ වෙලාවෙ අපේ ග්‍රහචාරයේ රවි ඉන්නේ එකොළහේ. අපේ රටේ පරිපාලන බලය ශක්තිමත් වෙනවා. ඒ අයස්ථානය හින්දා. එහෙම ශක්තියක් තිබුණත් මේ රටේ ප්‍රභූන්ට, උසස් කියලා නම් කරලා ඉන්න අයට, රාජ්‍ය පරිපාලනයට, ආගමික නායකයන්ට, ගොඩක් අනතුරුදායක තත්ත්වයක් ඇතිවෙනවා.
ජීවිත හානි පවා සිද්ධ වෙනවා. ආගම්, ආගම් අතර ගැටුම් ඇතිවෙනවා. දැන් සෙනසුරාගෙන් ලෝකෝත්තර පැත්ත නියෝජනය කරනවා. රාහුගෙන් ආගමික බලය නියෝජනය කරනවා. මේ දෙන්නගේ එකතු වීම මතයි ආගම් ආගම් අතර ගැටුම්, මතභේද හටගන්නේ. මේ ආගම් මුල්කරගෙන මහ විශාල යුද්ධ පවා ඇතිවෙන තත්ත්වයක් උදාවෙනවා.
ඒ වගේම බස්නාහිර පළාතට, සුළිසුළං, කුණාටුවලින් හා ජලගැලීම්වලින් තමයි අනතුරු ඇතිවෙන්නේ. ඒ වගේම අනාගතයේදී විදේශීය ආක්‍රමණ ඇතිවෙනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizIN4d_eSZwDxhm5xE9zXkpDIYd0k5A36EV-kG4gsTehEs0W5fz-BvvFSB_RAlxper5RU59pEIWP91BWHx66ANpBsCOOZqV1ZhJbKTQnGNElTnyO7bR4mKoRwHCHAo016_c2i6DH3Z_Gbl/s320/New+Picture+(2).bmp)
වරක් බුදුහාමුදුරුවෝ දේශනා කළා ගමක් නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්නකොට මහා ගංගාවක් ගලාගෙන ඇවිත් මුළු ගමම යටපත් කරනවා. මෙන්න මේ වගේ තමයි කොයි මොහොතක හරි මාරයා අපි ගිලගන්නේ. බුදුහාමුදුරුවො මේ අනතුරු ඇඟවීම් ගැන අපට කියලා දීලා තියෙනවා. ඒ හින්දා රටම නිදාගෙන ඉන්න වෙලාවක ඒ වගේ බලපෑමක් එල්ල වෙන්න බොහෝ දුරට මේ ග්‍රහචාරය අනුව ඉඩ තියෙනවා. මේ බලපෑම ඉදිරි මාස හය ඇතුළත සිදුවන බව තමයි මේ ග්‍රහචාරය පෙන්නන්නේ.
මේ දේ වෙන්නෙ මෙහෙමයි. මේ සඳහා බටහිර රටවල් සෘජුව ඉදිරිපත් වෙන්නෙ නෑ. බටහිර රටවල් උපකාරයෙන්, උදව්වෙන්, උපදේශකත්වයෙන් ආසියාතික අපේ අසල්වැසි රටක ඇතිවෙන ත්‍රස්තවාදී බලයක් එක්ක එකතු වෙලා මේ දේ කරනවා.
මේ අඟහරුගෙන් අපේ අවි ආයුධ, යුද්ධමය බලය ගැනයි කියන්නෙ. නමුත් මේ වෙලාවෙදි අඟහරු වැයස්ථානයේ ඉන්නේ. ඒක අපට යුදමය වශයෙන් නීච යෝගයක්. ඉතින් අන්න ඒ නිසා ඉතා අවදියෙන් සිටිය යුතුයි. හැබැයි එක වාසනාවකට අපට තියෙන්නේ මේ දවසේ මේ වෙලාවට බෙරණ නැකැත. බෙරණ නැකැත කියන්නේ සිකුරුට අධිපති නැකතක්. මේ සෙනසුරු රාහු එකතු වීම තියෙන්නේ සිකුරු රාශියක් තුළ. තුලා රාශිය තුළ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjmo1SjN92uwhuSNFYIaTGuxJySshkclU_KUSGwf3GU5bLvKYRX17yti5srLbbGlOTuidH3i9R27ZbYNvzKr5ypaYaUrG2CKuksxDQOOKGMG4bqvAwXqf03OIVxmmTfjmO3e_GaB7r5WoWf/s320/New+Picture+(1).bmp)
මේ දෙයට අපි කළ යුතු දෙයක් තියෙනවා. බෞද්ධ, හින්දු, කිතුනු, කතෝලික සියලු ආගමික ස්ථානවල සියලු ආගමික නායකයන්ට ලොකු වගකීමක් තියෙනවා කරන්න. ඒ මේකයි. මේක මේ සිංහල බෞද්ධයන්ට විතරක් නෙමෙයි. හැම කෙනකුටම පොදුයි. මේ පොළොවේ ඉන්න කුරා කූඹියාට පවා බලපානවා. ඒ නිසා ඒවායින් අපි ආරක්ෂා වෙන්න නම් ආගම් බලයම තමයි මතු කරන්න ඕන. ඒ නිසා වැඩි වැඩියෙන් ලෞකික පූජාවන්ට වඩා, ප්‍රතිපත්ති පූජාවන් ගරු කරන්න.
මෙයින් මිදීමට පුළුවන් තරම් ආගමික වැඩසටහන් ලංකාවෙත්, මුළු ලෝකයේත් පතුරුවන්න. මේ ග්‍රහචාරයෙන් දේශපාලන නායකයන්ට පවා අපල තියෙනවා. සමහර වෙලාවට හරියාකාරවම ධර්මානුකූලව හොඳ ප්‍රතිපත්තියක පිහිටා නොහිටියොත් සමහරවිට ආණ්ඩුව බලය පවා දෙදරා යන්න පුළුවන් ග්‍රහචාරයක් තමයි මේ උදාවෙන්නේ. මෙතැනදී දේශපාලන වශයෙන් බොහෝ දුරට වෙනසක් වෙනවා. එහෙත් ඒ වෙනස කියලා කියන්නේ මේ ආණ්ඩුව ඇතුළෙම වෙනසක් මිසක් ඒ පාලනයෙන් පිට විපක්ෂයෙන් සිදුවන පාලන වෙනසක් නොවෙයි.
රවි එකොළහේ හින්දා මෙතැන රාජකීය තත්ත්වය හරි බලවත්. ආණ්ඩුව පවතිනවා. හැබැයි ආණ්ඩුව ඇතුළෙ පුද්ගල වෙනස්කම් සිදුවෙනවා. ඒක ඉතාම ප්‍රබල වෙනස්කමක්. නමුත් වෙනත් දේශපාලන පක්ෂයකට බලය හිමිවෙන්නෙ නෑ මේ ග්‍රහ පිහිටීම තුළ මේ වෙලාවේ.
මේ දවස්වල මේ අහසින් පාත්වෙන එළි පිටසක්වළ යානා නොවෙයි. මේ අපේ පොළොවේම විද්‍යාව දියුණු යම් රටකින් අපට සතුරු බලවේගයක් වශයෙන් එවන ඒවා.
ඇයි ලංකාවට මෙහෙම ප්‍රශ්න එන්නේ?
මේ ලෝකයේ ප්‍රබල රටවල් අවධානයක් යොමු කරපු වෙලාවක්. ඒ අවධානය යොමු කරන්න හේතුවන්නේ විශේෂයෙන් ලංකාව පසුගිය කාලයේ ආශ්චර්යයන් දෙකක් කළා.පළමුවැනි එක තමයි ලෝකයේ ලොකුම භයානකම ත්‍රස්තවාදියා මරා දැමීම හා ලංකාව ත්‍රස්තවාදයෙන් මුදා ගැනීම.
දෙවැන්න අජටාකාශය ජය ගැනීම.
මෙයින් පළමුවැනි එක කළේ ජනාධිපතිතුමා. දෙවැනි එක කළේ එතුමාගේ බාල පුතා. මේ තත්ත්වය අනිත් රටවලට බලවත් අභියෝගයක් වුණා. මෙන්න මේ වෙලාවෙ තමයි ලෝකයේ ඇස් ඇරුණේ. දැන් ඒ රටවල්, ජාත්‍යන්තරයේ ප්‍රබලයි කියාගන්නා රටවල් යම්කිසි තැති ගැන්වීමකට ලක්වෙනවා. ඒ හින්දා ලෝකය ඇස ඇරගෙන බලාගෙන ඉන්නවා. මෙන්න මේ අනතුරයි ලෝකයාට තියෙන්නේ. මොකද ශ්‍රී ලංකාව අනාගතයේ තම රටවලට තර්ජනයක් වේවිද කියලා. ඒ හින්දා ඒ රටවල් යම් යම් පරීක්ෂණ යානාවල් ලංකාවට එවනවා. තොරතුරු බලාගන්න.
මායාවරුන් කියන විදියට මේ ලෝකය මේ 21දා විනාශ වෙන්නේ නැහැ. එහෙම නම් මේ බුද්ධ ශාසනේ බොරු. මේ දේවල් කියන්නේ නපුරු, නරක කරන, දුර්ගුණ, දුර්ජනයන්, පව්කාරයන් ජනතාවට නරක නපුර කරන්නන් වනසලා දමන යුගයක්. ඒ හින්දා පව් නොකළ ඇත්තන් තව තවත් පින් කරන්න. පව් කළ ඇත්තන් දැන්වත් පින් කරන්න.